2023 මාර්තු 12 වන දින පැවැත්වීමට නියමිත 2022 සඳහා වන 95 වන ඔස්කාර් සම්මාන උළෙල සඳහා රුසියාව ඉදිරිපත් නොවන බව රුසියානු චිත්‍රපට ඇකඩමිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ඇකඩමිය මේ බව සඳහන් කර ඇති අතර ඊට හේතුව ප්‍රකාශ කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔස්කාර් සම්මාන උළෙල සඳහා රුසියාවෙන් නාම යෝජනා තෝරා ගැනීමේ වගකීම දරන කමිටුවේ ප්‍රධානී පවෙල් චුක්‍රේ සඳහන් කර ඇත්තේ, එම තීරණයෙන් පසුව තමන් ඉන් ඉල්ලා අස්වූ බව ය.
ඔස්කාර් සම්මාන සඳහා නම් කළ හැකි රුසියානු දිගු චිත්‍රපට ලැයිස්තුවට චිත්‍රපට 122 ක් පමණ ඇතුළත් වූ බව සඳහන් ය.
රුසියානු චිත්‍රපට තුන් වතාවක් හොඳ ම විදේශ භාෂා චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මානය දිනා ගත්තේ ය. ඒ Sergey Bondarchuk’s War and Peace (1968), Vladimir Menshov’s Moscow Doesn’t Believe in Tears (1981) සහ Nikita Mikhalkov’s Burnt by the Sun (1994) යන චිත්‍රපට වෙනුවෙන් ය.

