Wednesday, July 15, 2026
Homeපුවත්ආර්ථිකජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

-

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ 30කට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ. 2025 ලෝක සංචාරක දිනයට සමගාමීව පැවැත්වුණු එය මෙරට ශාස්ත්‍රීය සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මහාචාර්ය ඩී. ඒ. සී. සුරංග සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය කලා පීඨයේ තිරසාර සංචාරක ඒකකය විසින් සමුළුව සංවිධානය කරනු ලැබීය. සමුළුවේ ආරම්භය සනිටුහන් කිරීම ශාස්ත්‍රීය විශේෂඥයන් සහ සංචාරක කර්මාන්තය අතර ඇති සම්බන්ධතාව ශක්තිමත් කිරීමට කැපී පෙනෙන දායකත්වයක් දක්වන සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා විසින් සිදු කරන ලදී.

“තිරසාර සෞභාග්‍යය උදෙසා සංචාරක කර්මාන්තය පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් සමුළුවට ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥයෝ රැසක් සහභාගී වූහ. ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, පෘතුගාලය, කොරියාව, ජපානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 12ක් නියෝජනය කරන මහාචාර්යවරු 25ක් ඊට දායකත්වය දැක්වීම සුවිශේෂ සන්ධිස්ථානයකි. පර්යේෂණ පත්‍රිකා 100කට වැඩි සංඛ්‍යාවක් පළ කිරීමට කටයුතු යොදා තිබූ අතර ජාත්‍යන්තර වශයෙන් තිරසාර සංචාරක ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම පිළිබඳ පර්යේෂණය එළිදැක්වීමද සිදු විය. 50කට වැඩි පිරිසක් සංචාරක ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩවලට අදාළ පර්යේෂණ සොයා ගැනීම් පිළිබඳව අදහස් දැක්වූහ. ගෝලීය වශයෙන් සංචාරක ක්ෂේත්‍රයට බලපාන ගැටලු පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු විය. රැස් වී සිටි පිරිස ඩිජිටල් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධි යෙදවුම්, සහ සුහුරු විසඳුම් තිරසාර සංචාරක ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීමට යොදා ගත හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කළහ. නව්‍ය සංචාරක නිෂ්පාදන හා සංවෘත ආර්ථිකය, සංචාරක ක්ෂේත්‍රයට අදාළ මානව සම්පත් සංවර්ධනය සාකච්ඡාවට ලක් විය. තිරසාර ඉන්දු-ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයක් තුළින් වඩාත් ශක්තිමත් කළාපීය සහයෝගිතාවක් ඇති කර ගැනීමට සහ අන්‍යොන්‍ය ආර්ථික වාසි ගණනාවක් ලැබීමට ඇති හැකියාව පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබිණි.

සමුළුවේදී එළිදැක්වූ පර්යේෂණ තුළින් මෙරට සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ සාක්ෂි පදනම් කර ගත් තොරතුරු රැසක් අනාවරණය විය. ඒ තුළින් සංචාරක කර්මාන්තය තරගකාරී ලෙස ජාතික ආර්ථිකයේ වර්ධනයට දායක වන ආකාරය ඉස්මතු කැරිණි. විදේශ විනිමය ඉපැයීමට, උසස් තත්ත්වයේ රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සහ දීර්ඝ කාලීන සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සංචාරක කර්මාන්තයෙන් සුවිශේෂ දායකත්වයක් ලැබේ. “තිරසාර සංචාරක සංවර්ධනයක් සඳහා ගෝලීය යහපත් පුරුදු” යන්න තේමා කර ගත් ගෝලීය නායකයන්ගේ සාකච්ඡාවක්ද පැවැත්විණි. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ. එහිදී පර්යේෂණ තුළින් අනාවරණය කර ගත් දෑ ප්‍රයෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ආකාරය පිළිබඳව සාකච්ඡාවට ලක් විය. ලෝක සංචාරක දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සංවිධානය කළ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ලෙස මෙම සමුළුව පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular