Wednesday, July 15, 2026
Homeපුවත්දේශපාලනහරීන්ට, මනුෂට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර අහිමි වේ !

හරීන්ට, මනුෂට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර අහිමි වේ !

-

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරැන් වන හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජන බලවේග පක්ෂයෙන් නෙරපා හැරීමට ගන්නා ලද තීන්දුව නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුවත් සමග හරීන් ප්‍රනාන්දු හා මනුෂ්‍ නානායක්කාර මහත්වරුන් ට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරද අහිමි වෙයි.

ඒ සමගම සමගි ජන බලවේගයට තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට පත් කර ගැනීමේ අවස්ථාව හිමිවීමට නියමිතය.

තමන් අතහැරීම ප්‍රගුණ කළ පුද්ගලයකු වන නිසා ඇමති ධූරය අත හැරීම එතරම් දෙයක් නොවන බව හිටපු සංචාරක ඉඩම් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

තමන් අමාත්‍යංශ හතරක රාජකාරි ඉතා හොඳින් සිදු කල බව විශ්වාස කරන බවද හෙතෙම අද සිය අමාත්‍යංශයේ නිලධාරීන් අමතමින් පැවසීය.

අධිකරණයෙන් ලද නියෝගයට ගරු කරන බවත් තමන් ජනාධිපතිවරයාට සහාය දීමට එකතු වූයේ මෙවන් දෙයක් විය හැකි බව දැනගෙනම බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

තමන්ට අමාත්‍ය ධුරයෙන් ඉවත් කලද පුරවැසිබාවයෙන් ඉවත් කල නොහැකි බවද පැවසූ ඔහු ඉදිරියේදී තවදුරටත් රට වෙනුවෙන් සේවය කරන බවද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular