Wednesday, July 15, 2026
Homeපුවත්ආර්ථික2025 ලෝක සංචාරක දිනය සමරමින් Sri Lanka Tourism Expo ඇරඹේ!

2025 ලෝක සංචාරක දිනය සමරමින් Sri Lanka Tourism Expo ඇරඹේ!

-

පුළුල් පරාසයක විහිදුණු වැඩසටහන් මාලාවක් (Sri Lanka Tourism Expo) සමඟ 2025 ලෝක සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක ආයතනය (UNWTO) ප්‍රකාශයට පත් කළ ‘සංචාරක කර්මාන්තය සහ තිරසර පරිවර්තනය’ යන තේමාව යටතේ සංවිධානය කරන එම වැඩසටහන් මාලාව තුළින් සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා තරුණ පරපුර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදී අංශවල දායකත්වය ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. ඒ යටතේ සංවිධානය කර ඇති පළාත් මට්ටමේ තරගාවලීන්වල පටන් අන්තර්ජාතික මට්ටමේ සම්මන්ත්‍රණ දක්වා වන සියලු වැඩසටහන් ගෝලීය සංචාරක ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ඔසවා තැබීමට සුවිශේෂ දායකත්වයක් සපයයි.

සංචාරක අමාත්‍යංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM), සංචාරක ආර්ථික සහ ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරී සංගමය (AATEHM), ශ්‍රී ලංකා සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO), ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමය (THASL), කොළඹ විශ්වවිද්‍යාලයේ තිරසර සංචාරක ඒකකය මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රදර්ශනය හරහා මෙරට කුසලතා, නිර්මාණශීලීත්වය, කර්මාන්ත විභවතා ලොවට කියාපෑමට අවස්ථාව ලැබේ. 2021දී One Galle Faceහිදී පැවැත්වුණු පළමු ප්‍රදර්ශනය තුළින් ජනතාවට සංචාරක සහ ආගන්තුක සත්කාර කර්මාන්තය සතු ශක්තිය වටහා ගැනීමට අවස්ථාව ලැබිණි.

2025 ප්‍රදර්ශනයේදී තරගාවලීන් හරහා තරුණ පරපුරත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් හරහා ව්‍යවසායකයනුත්, පර්යේෂණ සහ නායකත්ව සමුළු හරහා ජාත්‍යන්තර විශේෂඥයනුත් ඒකාබද්ධ කරයි. සමස්ත ලංකා පාසල් සංචාරක සමාජවල පළාත් තරගවලීන් සමඟ 2025 සැප්තැම්බර් 01 උතුරු පළාතෙන් ඇරඹුණු වැඩසටහන් පළාත් නවයම සම්පූර්ණ කරමින් සැප්තැම්බර් 22 උතුරුමැද පළාතෙන් අවසන් විය. SLITHM සමඟ සහයෝගයෙන් පවැත්වූ එම තරගාවලිවලට ඉවුම් පිහුම්, ආහාරපාන සේවා, ගෘහ පාලනය, සංචාරක දැනුම වැනි ක්ෂේත්‍රවලට අදාළ කුසලතා සහිත සිසුහු රැසක් පළාත් නවයම නියෝජනය කරමින් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular