Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ දොරටු විවර කරන Sri Lanka Tourism Job Fair...

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ දොරටු විවර කරන Sri Lanka Tourism Job Fair and Career Expo 2025 සාර්ථකව අවසන් වෙයි

-

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිවලට පිවිසීමට ඉඩ සළසා දීමේ අරමුණෙන් පැවැත්වුණු Sri Lanka Tourism Job Fair and Career Expo කොළඹ One Galle Faceහිදී සාර්ථකව අවසන් විය. සංචාරක සහ ආගන්තුක සත්කාර කර්මාන්තයට පිවිසීමට උනන්දුවක් දක්වන සිසුන්, උපාධිධාරීන් සහ තරුණ වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී විය. තෙවැනි වරට පැවැත්වුණු රැකියා පොළ තරුණ තරුණියන්ට සම්මුඛ පරීක්ෂණ, වෘත්තීය මාර්ගෝපදේශන සැසි සහ වැඩමුළු හරහා ප්‍රධාන සමාගම් සමග සම්බන්ධ වීමට අවස්ථාව සැළසීය.

රැකියා පොළ අමතමින් කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේ මෙම සංකල්පය තුළින් බොහෝ හවුල්කාරිත්ව සහ අවස්ථා නිර්මාණය වන බවයි. “මෙම අවස්ථාවට සහභාගී වීමට ලැබීම මට විශාල සතුටක්. සියලු දෙනාම එකම අරමුණක් වෙනුවෙන් වැඩ කරනවා නම් ඒ අරමුණ අති සාර්ථකව ඉටු කර ගන්නට හැකියාව ලැබෙනවා. මේ රැකියා පොළ ඊට හොඳම උදාහරණයක්. අද වන විට බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඔවුන් ඉන්නේ කොහෙද සහ රැකියාවක් සොයා ගන්නේ කොහොමද කියලා. රජයක් වශයෙන් අපි සංචාරක ක්ෂේත්‍රය ඔසවා තබන්න බොහෝ දෑ සිදු කරනවා. වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. නමුත් ජනතාව ඔවුන්ට තිබෙන අවස්ථා පිළිබඳව දැනුවත් නැහැ. මෙවැනි වැඩසටහන් තුළින් ඔවුන්ට සියලු තොරතුරු ලැබෙනවා. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට, උපාධිධාරීන්ට සහ තරුණ වෘත්තිකයන්ට ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නට වගේම දැනටමත් ක්ෂේත්‍රයේ සිටින වෘත්තිකයන්ට තවත් ඉහළට යන්නට අවස්ථාව ලැබෙනවා.”

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන ගෝලීය තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සංවිධානය කළ සැමරුම් වැඩසටහනේ කොටසක් ලෙස රැකියා පොළ පැවැත්විණි. මෙවර ලෝක සංචාරක දිනය වෙනුවෙන් පළාත් මට්ටමේ තරගාවලිවල පටන් අන්තර්ජාතික මට්ටමේ සම්මන්ත්‍රණ දක්වා පුළුල් පරාසයකින් යුතු වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබුණු අතර එය මෑත කාලයේ පැවැත්වුණු සංචාරක සැමරුම් අතර කැපී පෙනෙන එකක් විය. සංචාරක අමාත්‍යංශය, ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ අධ්‍යයන ආයතනය (SLITHM), ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමය (THASL) සහ ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO) මෙම සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබිණි. සංචාරක ආර්ථික සහ ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමය (AATEHM) සහ කොළඹ විශ්ව විද්‍යාලයේ තිරසාර සංචාරක ඒකකයද ඊට සහයෝගය දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular