Wednesday, July 15, 2026
Homeපුවත්ආර්ථිකලෝක සංචාරක දිනය සමරමින් Colombo Travel Mart 2025 One Galle Faceහිදී උතකර්ෂවත්...

ලෝක සංචාරක දිනය සමරමින් Colombo Travel Mart 2025 One Galle Faceහිදී උතකර්ෂවත් ලෙස ඇරැඹේ

-

2025 ලෝක සංචාරක දින සැමරුම් වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle Faceහිදී පැවැත්විණි. සංචාරක අමාත්‍යශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO) සහ සංචාරක ආර්ථික හා ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමය (THASL) එම සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබිණි. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඩේවිඩ් පයින්, SLTDA සභාපති බුද්ධික හේවාවසම්, SLITHM හා SLCB සභාපති ධීර හෙට්ටිආරච්චි, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ අධ්‍යක්ෂ – අන්තර්ජාතික සංවර්ධන සහ සහයෝගීතා – ජේමි මයාකි, ATEHM සභාපති නිහාල් මුහන්දිරම්, SLAITO උප සභාපති නිශාඩ් විජේතුංග සහ THASL සභාපති ශාන්තිකුමාර් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ නියෝජනය කරන පාර්ශ්වකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් සැමරුම් වැඩසටහන පැවැත්විණි.

ATEHM සභාපති නිහාල් මුහන්දිරම් මහතා පිළිගැනීමේ කතාව කරමින් සංචාරක ක්ෂේත්‍රයේ නායකයන් බිහි කිරීමට කොළඹ විශ්ව විද්‍යාලය විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවත්, ක්ෂේත්‍රයේ වර්ධනයට අධ්‍යාපනික හවුල්කාරිත්ව අත්‍යවශ්‍ය බවත් සඳහන් කළේය.

SLTDA සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ Travel Mart වැඩසටහන පසුගිය කාලය තුළ මෙරට සංචාරක කැලැන්ඩරයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් වූ බවයි. රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන් සමග ශක්තිමත් සහයෝගිතා ඇති කර ගන්නා අතර නව්‍යකරණය සහ තිරසාර කර්මාන්ත පුරුදු පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කරන ලෙස ඔහු අදාළ පිරිසෙන් ඉල්ලීමක් කළේය. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ සේවා ගුණාත්මකභාවය සහ අමුත්තන්ට සුවිශේෂ අත්දැකීමක් සැපයීම තුළින් ශ්‍රී ලාංකික සන්නාමය තවත් ශක්තිමත් කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular