Sunday, October 26, 2025
HomeSlumඒ දවස ඈතක නොවේ - සු. තවච්චේල්වන් - නුවර එළිය

ඒ දවස ඈතක නොවේ – සු. තවච්චේල්වන් – නුවර එළිය

-

සු. තවච්චේල්වන් – නුවර එළිය

දවස වැඩි ඈතක නොමැත!…

මගේ ජනතාවගේ රුධිරයේ වේගය දන්නවද ?
හැගීම් වල විස්තාරය වැටහෙනවද?
මේ කඳු ගැන ඔවුන් තුල ඇති දැක්ම
ඔබගේ මලකඩ ගැසුණු මොළය හඳුනනවාද ?

ඔවුන්ගේ සිනහව, දුක, ශ්‍රමය, ආශාවන්,
කොපමණ නම් මුදලකට විකුණා ඇත්ද නුඹ ?

මේ දේශයේ සුළඟ කරට ගෙන ඇවිදින
ඔවුන්ගේ ගමන ගැන ඔබ දන්නවද?

මේ කඳු අතර එක් හිරු සහිත දහවලක ඔබ ඇවිද තිබේද?
එක රැයක මේ කඳු පසුකර තිබේද?

ගල් සහ පස් දියකරමින් වැටෙන දහඩිය සුවඳ ඔබ විඳ තිබේද?
ඔවුන්ගේ අත් කිසි විටෙක හෝ ස්පර්ශ කර තිබේද?

ලයිම් කෙලවරේ සිට හමන මූත්‍ර දුගඳින් ,හුස්ම හිර කරන්
ජීවත් වන අයුරු ඔබ දැක තිබේද?

මුරුංගා හෝ පයිනස් ගසක් යට ඉඳගෙන ඔවුන් කියන කතා අසා තිබේද?
හවස්යාමේ කාන්සිය විඩාව මකාලන
ඒ ලස්සන කතා කවදාක ඔබ‍ට වැටහෙනු ඇතිද?

එක් රැයක් හෝ මගේ ජනතාව ජීවත් වන
ලයිම් කාමරයේ නිදාගෙන තිබේද ඔබ ?
වසර සිය ගණනක් පැරණි ඔවුන්ගේ කතාව ලියන්නේ කොහොමද ඔබ ?
ඔවුන්ගේ දුක් ගී , ඔබ කෙලෙස ගායනා කරයිද?
කඳු කපා කොටා පස්කර , ගස් සිටවා
ඔවුන් තැනු ඉතිහාසය ගැන
කතාකළ හැකිද ඔබ‍ට?

ගලා නොයන ගඟක් ලෙස
සැමදා ඔවුන්ව එකම තැනකම තබා ගැනීමටද ඔබේ කල්පනාව,?
ඔවුන්ගෙන්ම ඔවුන්ගේ දුක අසා දැනගෙන
කඳුළු පිරී දෙනෙතින් , රත් වූ රුධිරයෙන්
ඔවුන්ගේම නිදහස ගැන ගයන්නට ,
මා ඉදිරියට එමි ……

ඒ දවස වැඩි ඈතක නොමැත!…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජීවිතය – J.P. නැන්සි – වේවැල්වත්ත

J.P. නැන්සි - වේවැල්වත්ත ජීවිතය දෙපා නොතෙමි සාගරය තරණය කරවුන් සිටියි, එහෙත් දෑස් නොතෙමි ජීවිතය තරණය කරපු අය නැත හැමෝම ගමන් කරනවා මගෙහි , ඔවුන් පසුපස නොයන්න ...

හදිසි රැස්වීම… indraadewi

දුවගෙන විත්, අසුනෙහි වාඩි වී වෙලාව බැලුවෙමි, වෙලාව තුනයි.ඇයි මේ හදිස්සියේ රැස්වීමක් දැන ගැනීමට කුතුහලයක්. වටේටම සෙනගඅසුන් පිරි, කියවිලි ශබ්දය දෝංකාර දෙයි, බිත්ති පුරාහද ගැස්ම දෝංකාරය...

සතුරා අප පිටුපසින් සිටී … තිලකර් මල්ලියප්පු

malliyappusanthi thilakar අපි ගස්ය.දිරාපත්ව ගියපු ගස්ය,අලවන ලද ශරීරය දියවී ගියපු ගස්ය. අපට කොල දළුලන, සරත් ඍතු කාලවල් නොමැත.අප මත අලවන කොළ පමණක්කහ පාටින් කොළ පාටටත් කොළ පාටින්...

මෙහෙම වෙන්නත් ඇති – ජෙයාකාන්ත්. ජානු – යටියන්තොට

ஜெயகாந்த். ஜானு - எட்டியாந்தோட்டை ஒரு வேலை இப்படியாக கூட இருக்கலாம், ஒரு நுனி அளவு கூட எவ்வித எதிர்பார்ப்புமின்றி இலங்கை வந்தது,தேயிலை மரத்தடியில் மாசி இருப்பதாக கூறியதால் மாத்திரமே இல்லாமல் இருக்கலாம். ஒரு வேலை புது வாழ்க்கையை...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular