Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

-

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට වඩාත්ම ජාත්‍යන්තර ඇගැයීමට ලක් වූ ආයතනයක් බවට පත් වී තිබේ. දකුණු ආසියාවේ විශාලම සත්කාර සේවා සැපයීමේ පුහුණු මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලාංකික තරුණ පරපුර ගෝලීය වශයෙන් පිළිගත් සත්කාර සේවා සපයන්නන් (Global Caregiver) බවට පත් කිරීම KIU ආයතනයේ කැපී පෙනෙන ජයග්‍රහණ අතරින් එකකි. ඒ හරහා විරැකියාව තුරන් කරමින් මෙරට තරුණ පරපුරේ අනාගතය දීප්තිමත් කිරීමටත්, ගෝලීය වශයෙන් පවතින සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ හිඟයට විසඳුම් සෙවීමටත් ඔවුන්ට හැකි වී තිබේ.

වර්ග අඩි 30,000කට වැඩි භූමි ප්‍රමාණයකින් යුතු KIU සරසවිය මෙරට සෞඛ්‍ය සේවා පුහුණු සහ ගෝලීය රැකියා ක්ෂේත්‍රවලට නව ප්‍රමිති හඳුන්වා දී ඇත. එහිදී අන්තර්ජාතික ප්‍රමිතිවලට අනුගත භාෂා පුහුණුවක්ද ඇතුළත් උසස් මට්ටමේ පුහුණුවක් ලැබීමට සිසුන්ට හැකියාව ලැබේ. පුහුණුව අවසන් කරන සිසුන්ට ජපානය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, කැනඩාව, නවසීලන්තය, ජර්මනිය, සෞදි අරාබිය, කුවේට් වැනි රටවල රැකියා අවස්ථා ලැබේ.

ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යයන ආයතනය (PMI) සංවිධානය කළ ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී (NPME) සෞඛ්‍ය සේවා අංශයේ රන් සම්මානය KIU සමූහ ව්‍යාපාරයේ Green Cross Sri Lanka ක්‍රියාත්මක කළ ලාහුගල සුහුරු ජල ව්‍යාපෘතියට හිමි විය. අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයේ පදිංචිකරුවන් 1,900කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය සපයන එම ව්‍යාපෘතිය රටවල් 141ක ව්‍යාපෘති 2,000කට වැඩි සංඛ්‍යාවක් සමග තරග කර ඔස්ට්‍රියාව පිරිනමන National Energy Globe සම්මානයත්, NPME සම්මාන උළෙලේදී විශිෂ්ටම හරිත ව්‍යාපෘතිය සඳහා වන රිදී සම්මානයත් දිනා ගත්තේය.

KIU සරසවියේ ලේකම්, උපායමාර්ගික ගෝලීය හවුල්කාරිත්ව ප්‍රධානී තිශානි රොද්‍රිගෝ රටවල් 80ක අයැදුම්කරුවන් 12,000කට වැඩි පිරිසක් අතරින් ඉහළම අයැදුම්කරුවන් 4% අතරට එක් වෙමින් Global Recognition සම්මාන දිනා ගත්තාය. ඒ අන්තර්ජාතික අධ්‍යාපන හවුල්කාරිත්ව විශිෂ්ටත්වය, ආයතනික පරිපාලනය සහ සදාචාර සම්පන්න බඳවා ගැනීමේ ක්‍රමවේද යන අංශවලට අදාළ විශිෂ්ටත්වය වෙනුවෙනි.

ඇයගේ නායකත්වය යටතේ KIU සරසවිය සහ ඊට අනුබද්ධ ආයතන ජපානය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, කැනඩාව, නවසීලන්තය, ජර්මනිය, සෞදි අරාබිය, කුවේට් ඇතුළු රටවල් රැසක් සමග විශ්වාසනීය හවුල්කාරිත්ව ඇති කර ගෙන තිබේ. ඇය ඉටු කර ඇති විශිෂ්ට මෙහෙවර ඇගැයීමක් ලෙස එක්සත් ජනපදයේ Business Insiderහි ඇය පිළිබඳව ලිපියක්ද පළ විය. මේ සියලු ජයග්‍රහණයවලින් හා සම්මානවලින් ගම්‍ය වන්නේ අධ්‍යාපන වගකීම්වලින් ඔබ්බට යමින් ජාත්‍යන්තර සරසවියක් ලෙස KIU සරසවිය සිදු කරන අනර්ඝ කාර්යභාරයයි. අන්තර්ජාතික සම්බන්ධතා අතින් ඉදිරියෙන්ම සිටින KIU සරසවියේ අධ්‍යාපනය ලැබීමට ශ්‍රී ලාංකික සිසුන්ට හැකි වීම වටිනා අවස්ථාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular