Tuesday, May 26, 2026
Homeපුවත්ආර්ථිකKapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

-

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව දක්වා ඇත. 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සමූහයේ ආදායම 12%ක වර්ධනයක් ලබා ඇති අතර දළ ලාභය 19%කින් ඉහළ ගොස් තිබේ. 2024ට සාපේක්ෂව සමාගමේ මෙහෙයුම් කාර්යසාධනය 77%කින් ඉහළ ගොස් තිබීම සුවිශේෂ සන්ධිස්ථානයකි. ඒ තුළින් Kapruka සමාගමේ ජනප්‍රියත්වය තහවුරු වේ.

2025 ජූනි 30 අවසන් වූ කාර්තුවට අදාළවද සමාගම විශිෂ්ට මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කර තිබිණි. පසුගිය කාර්තුවට අදාළව ලැබූ වර්ධනයට දායක වූ ප්‍රධාන සාධකයක් ලෙස Kapruka Partner Central හැඳින්විය හැකිය. ආරම්භයේදී සාම්ප්‍රදායික භාණ්ඩ ලැයිස්තු (Inventory) පදනම් කර ගත් විද්‍යුත් අලෙවි වේදිකාවක් වූ Kapruka වර්තමානයේදී නවීනත්වයට අනුව යාවත්කාලීන වූ අලෙවි වේදිකාවක් බවට පත් කර තිබේ. වේගයෙන් වර්ධනය වන තෙවැනි පාර්ශ්වීය අලෙවිකරුවන් සහ සන්නාම සමග එක් වී ඇති එම සමාගම පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශාල පරාසයකින් යුතු නිෂ්පාදන කළඹක් හඳුන්වා දී ඇත. ඒ හරහා ප්‍රාග්ධන කාර්යක්ෂමතාවද ඉහළ යයි.


Kapruka Partner Central හරහා පාරිභෝගිකයන්ට එදිනෙදා සේවා රැසක් මාර්ගගත ක්‍රමයට මිල දී ගැනීමට සහ වෙන් කරවා ගැනීමට හැකිය. ඒ සඳහා විශ්වාසනීය සේවා සපයන්නන් සමග එක් වී ඇති එම සමාගම ඒ තුළින් තාක්ෂණය සහ පාරිභෝගික පහසුව විෂයෙහි ඔවුන් සතු කැපවීම යලි තහවුරු කර තිබේ. එක්සත් ජනපදයේ Amazon, කැනඩාව සහ එක්සත් රාජධානිය වැනි රටවල ප්‍රමුඛ පෙළේ ගෝලීය වෙළෙඳ වේදිකා සඳහා ශ්‍රී ලාංකික සන්නාම රැසක විද්‍යුත් බෙදා හරින්නා වන Kapruka ඒ තුළින් මෙරට විදේශ විනිමය ඉහළ නැංවීමට සුවිශේෂ දායකත්වයක් දක්වයි.

සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී දුලිත් හේරත් මහතා මෙසේ පැවැසුවේය. “77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනය සුවිශේෂ ජයග්‍රහණයක්. Partner Central හරහා පාරිභෝගිකයන්ට, හවුල්කාර සන්නාමවලට සහ කොටස් හිමිකරුවන්ට විශිෂ්ට ප්‍රතිපල දෙන්න අපට හැකි වී තිබෙනවා.” මෙරට වඩාත් විශ්වාසනීය ඩිජිටල් වාණිජ සේවා අවකාශය නිර්මාණය කිරීම සඳහා වන Kapruka සමාගමේ දීර්ඝ කාලීන දැක්මේ ප්‍රධානම උපාය මාර්ගයක් ලෙස Partner Central හැඳින්විය හැකිය.

PrevPrevious

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular