Sunday, April 5, 2026
HomeSlumකන්දට නම් තැබීම - මාරි මුත්තු සිව කුමාර්

කන්දට නම් තැබීම – මාරි මුත්තු සිව කුමාර්

-


මාරි මුත්තු සිවකුමාර්

කන්දට නම් තැබීමේ උත්සවය…

මේ කන්දට නමක් තැබීමට
උත්සවයක්‌ සූදානම් වුණා…..
කන්දට නමක් තේරීමට
මා හටද ආරාධනා ලැබුණා……

වසර ගානක් පැරණි කන්දට
නමක් සොයන්න මා
බොහෝ උත්සහ කළා …

තම පක්ෂයේ නිර්මාණකරුගේ නම
මේ කන්දට සුදුසු යැයි ඇතැමෙක් මට කිව්වා..
තමන් මේ කන්ද දරා ගත් බවත් ,
එනිසා තමන්ගේ නම කන්දට යොදන ලෙසත් , තව පිරිසක් නිර්දේශ කළා….
කන්ද පෝෂණය කල බව කියන තවත් පිරිසක්
තවත් “නමක්’ මා වෙත රැගෙන ආවා ….

ඒ කුමන බලපෑම් තිබුනත් ඒවා නොතකා
කන්ද වෙනුවෙන් නමක් තැබීමේ උත්සවයට මා පැමිණියෙමි.

කඳු බෑවුම පාමුල ඉදිරියේ සිට ,
කන්ද වෙනුවෙන්ම මා නිර්මාණය කල “නම “
මුලින්ම කන්ද වෙත මා රහසින් කීමට ලං වුණේමි.

මගේ කටහඬ ඇසූ කන්ද,
මා දෙස කෝපයෙන් මෙන් බලා, හඬා වැටුණි.
එහි වූ දෙ ඇස් වලින් ලේ ගලනු මා දුටුවෙමි…..

අපගේම කුසගින්න ගැන , අයිතීන් ගැන ,
දුක් කම්කටොළු ගැන ,
අපව රැවටූ මහා බලකණු ගැන
කිසිවක් නොකළ ,කිසිදු විසඳුමක් නොසෙවූ මා …
කන්දට නම් සෙවීමට මෙපමණ මහන්සිවීම ගැන
කන්ද සිටියේම නොසතුටෙනි … පුදුමයෙනි …

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජීවිතය – J.P. නැන්සි – වේවැල්වත්ත

J.P. නැන්සි - වේවැල්වත්ත ජීවිතය දෙපා නොතෙමි සාගරය තරණය කරවුන් සිටියි, එහෙත් දෑස් නොතෙමි ජීවිතය තරණය කරපු අය නැත හැමෝම ගමන් කරනවා මගෙහි , ඔවුන් පසුපස නොයන්න ...

හදිසි රැස්වීම… indraadewi

දුවගෙන විත්, අසුනෙහි වාඩි වී වෙලාව බැලුවෙමි, වෙලාව තුනයි.ඇයි මේ හදිස්සියේ රැස්වීමක් දැන ගැනීමට කුතුහලයක්. වටේටම සෙනගඅසුන් පිරි, කියවිලි ශබ්දය දෝංකාර දෙයි, බිත්ති පුරාහද ගැස්ම දෝංකාරය...

සතුරා අප පිටුපසින් සිටී … තිලකර් මල්ලියප්පු

malliyappusanthi thilakar අපි ගස්ය.දිරාපත්ව ගියපු ගස්ය,අලවන ලද ශරීරය දියවී ගියපු ගස්ය. අපට කොල දළුලන, සරත් ඍතු කාලවල් නොමැත.අප මත අලවන කොළ පමණක්කහ පාටින් කොළ පාටටත් කොළ පාටින්...

මෙහෙම වෙන්නත් ඇති – ජෙයාකාන්ත්. ජානු – යටියන්තොට

ஜெயகாந்த். ஜானு - எட்டியாந்தோட்டை ஒரு வேலை இப்படியாக கூட இருக்கலாம், ஒரு நுனி அளவு கூட எவ்வித எதிர்பார்ப்புமின்றி இலங்கை வந்தது,தேயிலை மரத்தடியில் மாசி இருப்பதாக கூறியதால் மாத்திரமே இல்லாமல் இருக்கலாம். ஒரு வேலை புது வாழ்க்கையை...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular