Sunday, January 11, 2026
Homeපුවත්දේශපාලන'චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්' - අගමැති කියයි !

‘චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්’ – අගමැති කියයි !

-

චීනයේ 73 වැනි ජාතික දිනය නිමිතිකොට ශ්‍රී ලංකා – චීන සමාජයීය හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ මූලිකත්වයෙන් , සංවිධානය කල විශේෂ උත්සවයක් පසුගිය බදාදා (28) කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්වින .

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගිවූ අතර මෙරට චීන තානාපති ෂී චෙන්හොන් මහතාද ප්‍රධාන ආරාධිතයෙකු ලෙස මීට එක්විය .

ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමය , ශ්‍රී ලංකා චීන සංගමය , ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය හා ශ්‍රී ලංකා චීන බෞද්ධ සංගමයද මෙම උත්සවය සංවිධානය කිරීමට එක්වී සිටියේය ,

උත්සව සභාව අමතමින් මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ චීනය , සැමවිටම ශ්‍රී ලංකාවේ ”කල්‍යාණ මිත්‍රයෙක්” වශයෙන් කටයුතු කල බවයි . එසේම චීනය යනු සැබෑ තීරණාත්මක ගෝලීය නායකයකු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සෑම ජාතියකගේම සමෘද්ධිමත්භාවය සඳහා චීන නායකත්වය ඔවුන්ගේ සහාය ලබා දෙන බවද ඔහු කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසීය ,

”චීනය ජාත්‍යන්තර බල තුලනයේ වෙනස්කම් ඇතිකළ ගෝලීය දැවැන්තයෙක්. ඒ සඳහා ඔවුන් පදනම දමා තිබෙනවා. දේශපාලනික, සමාජ ආර්ථිකමය, දිළිඳුභාවය තුරන් කිරීම, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්ෂණික, පරිසර, පර්යේෂණ සහ අභ්‍යවකාශ ක්ෂේත්‍රයන්හි ඔවුන් දක්වන වේගවත් සහ තුලනාත්මක වර්ධනය අපගේ ඉහළම ගෞරවය දිනාගැනීමට සමත්ව තිබෙනවා. චීනය ශ්‍රී ලංකාවේ සුවිශේෂ මිත්‍රයෙක්. කල්‍යාණ මිත්‍රයෙක්. කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ දුකේදීත් සැපේදීත් එක වගේ ඉන්න මිත්‍රයකුටයි. අපගේ මිත්‍රත්වය ශක්තිමත්ව දිගටම පවතීවා.”

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා පැවසුවේ , චීන ජනතාවගේ කැපවීම හා ධෛර්යය හේතුවෙන් මේ වනවිට චීනය ලොව දෙවන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති බවයි . ශ්‍රී ලංකාව සමග තවදුරටත් මිතුදම් ශක්තිමත් කරගැනීමට චීනය සූදානම් බවද ඒ මහතා පැවසීය .

මෙහිදී චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය තේමා කරගනිමින් , ශ්‍රී ලංකා – චීන සමාජයීය හා සංස්කෘතික සහයෝගීතා සංගමය සංවිධානය කල අන්ත්ර්පාසල් චිත්‍ර තරඟයේ ජයග්‍රාහී සිසු සිසුවියන්ට ත්‍යාග පිරිනැමීමද සිදුකෙරිණ .

ඊට අගමැතිවරයා , චීන තානාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා – චීන සමාජයීය හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මහතාද එක්විය .

Category: BREAKING NEWSBy පැතුම් වික්‍රමරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

රන්ජන්ගේ ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පිටුපස “කොටි පිල්ලි”

රන්ජන් රාමනායක මහතා නායකත්වය දරන දේශපාලන පක්‍ෂය මෙහෙයවනු ලබන්නේ කොටි සංවිධානයටද සම්භන්ධ දේශපාලන හා මූල්‍ය අපරාධකරුවෙකු වන බවත් , ප්‍රභාකරන්ට බුලට් එකෙන් කරන්න බැරිවුණු දේ...

ජනපතිවරණයට මා වෙනුවෙන් වියදම් කරන මුදල , කඳුකර දෙමල ජනතාව වෙනුවෙන් ගෙවන වන්දියක් !

කඳුකරයේ දෙමළ ජනතාවගේ ගැටලුවලට නිසි විසදුම් ලබාදීමටත් , ඔවුන්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමටත් , මෙරට පාලනය කල සියලු රජයයන් අපොහොසත්ව ඇති බැවින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස තමා...

හරීන්ට, මනුෂට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර අහිමි වේ !

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරැන් වන හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජන බලවේග පක්ෂයෙන් නෙරපා හැරීමට ගන්නා ලද තීන්දුව නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු...

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාවට ඉන්දියාවේ සහය !

මහජන ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේදී, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jah) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ හමුවක් සිදුවූ...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular