Wednesday, July 15, 2026
Homeපුවත්BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

-

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු පැසිෆික් කළාපයේ වඩාත් ගෞරවාන්විත ජාත්‍යන්තර ව්‍යාපාර සම්මාන උළෙලක් ලෙස සැළැකෙන මෙහිදී විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය, නායකත්වය, නව්‍යකරණය සහ සාර්ථකත්වය අගයමින් සම්මාන පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ විදේශවල ප්‍රමුඛපෙළේව්‍යාපාරිකයෝ, රාජ්‍යතාන්ත්‍රිකයෝ, ව්‍යවසායකයෝ සහ වෘත්තිකයෝ රැසක් එක් වී සිටියහ. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස්වරයා සහ මාලදිවයිනේ මැලේසියානු තානාපතිවරයා වන බද්ලි හිෂාම් ඇඩම් සහභාගී විය. ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස ඩයට්මා ඩෝරින්, කිෂූ ගෝමස් සහ රොහාන් පල්ලේවත්ත එක් වී සිටියහ. විශේෂ ආරාධිතයන් ලෙස රියා ෂර්මා, විජයකුමාර් රවුට්, විශ්‍රාමික මේජර් ජෙනරාල් ආර්. ඒ. ජේ. එන්. රණසිංහ, එම්. සෙන්දිල්නාදන්, මාටිනා ගුසාර් සහ ජූගන් පෙයිෆර් සහභාගී වූහ. මෙම අවස්ථාවට පැමිණි ආරාධිත අමුත්තෝ ඇන්තනී ඩෙක්ස්චර් ප්‍රනාන්දු, තරිඳු විජේනායක සහ එමරිටා විජේනායක විසින් පිළිගනු ලැබූහ. ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රජාව අතර නායකත්වය, නව්‍යකරණය සහ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාර සබඳතා ශක්තිමත් කිරීමට BWIO-USA සංවිධානය අඛණ්ඩව දායක වන බව මෙම සම්මාන උළෙල හරහා යළිත් තහවුරු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular