Wednesday, July 15, 2026
Homeපුවත්DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

-

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව දුරටත් තහවුරු කරයි. මෙම සම්මානය DB Automation සමාගම නව්‍යකරණය, වෘත්තීයමය විශිෂ්ටත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා සැපයීම සඳහා දක්වන අඛණ්ඩ කැප වීම මෙන්ම Zebra Technologies සමඟ පවත්වා ගෙන යන ශක්තිමත් ව්‍යාපාරික හවුල්කාරිත්වය පිළිබිඹු කරයි. ගෝලීය වශයෙන් ව්‍යාපාර බුද්ධිමය තාක්ෂණ හා Enterprise Asset Intelligence විසඳුම් සපයන ප්‍රමුඛ සමාගමක් වන Zebra Technologies සමඟ ඇති මෙම හවුල්කාරිත්වය හරහා DB Automation ශ්‍රී ලංකාවේ බොහෝ ආයතන වෙත නවීන තාක්ෂණ විසඳුම් හඳුන්වා දී තිබේ.

DB Automation සමාගම හඳුන්වා දී ඇති ස්වයංක්‍රීය හා බුද්ධිමය ව්‍යාපාර විසඳුම් හරහා Supply Chain Visibility, Inventory Accuracy, Workforce Productivity සහ Data Capture Systems වැනි ක්ෂේත්‍රවල සැළැකිය යුතු දියුණුවක් ලැබීමට දේශීය ව්‍යාපාර රැසකට හැකි වී ඇත. Retail, Logistics, Manufacturing, Warehousing, Healthcare හා Distribution යන ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන ආයතන සඳහා නවීන Mobility, Tracking හා Automation තාක්ෂණය හඳුන්වා දීමෙන් DB Automation ශ්‍රී ලංකාවේ Enterprise Technology ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් වී ඇත.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් DB Automation කළමනාකාරීත්වය සඳහන් කළේ මෙම සම්මානය තම කණ්ඩායමේ කැප වීම, වෘත්තීය දක්ෂතාව සහ ගනුදෙනුකරුවන්ට උසස් තත්ත්වයේ සේවාවක් සැපැයීමට දක්වන අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් බවයි. Zebra Technologies සමඟ ඇති ශක්තිමත් හවුල්කාරිත්වය හරහා ඉදිරියටත් නව්‍යකරණය පදනම් කර ගත් අනාගත අවශ්‍යතා සපුරන තාක්ෂණ විසඳුම් වෙළෙඳපොළට හඳුන්වා දීමට අපේක්ෂා කරන බවද සමාගම සඳහන් කළේය. ඩිජිටල් පරිවර්තනය සහ ස්වයංක්‍රීයකරණ තාක්ෂණයන වෙත ව්‍යාපාර වැඩි වශයෙන් යොමු වන මෙවන් කාලයක ආයතනවල කාර්යක්ෂමතාව, ඵලදායීතාව සහ දිගු කාලීන වර්ධනය ඉහළ නැංවීමට වටිනාකම් පදනම් කර ගත් නවීන තාක්ෂණ විසඳුම් සැපැයීමට DB Automation අඛණ්ඩව කැප වන බවද සමාගම  සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular