‘හඳුනාගැනීමට කිසිදු සඳහනක් නැති ,
පිටපතක්ද නැති
හිස්ම හිස් ලේඛන බවට
අප පරිවර්තනය වෙමින් සිටින්නෙමු.
අප ගැන කිසිවක් සඳහන් ලේඛන මෙහි නැත,
මින් මතුවට තිබෙන්නේද නැත.
එම නිසා අපි අපේ සිහිනවලට ජීවය දිය යුතුය
පිටපතක් නොමැති හිස් ලේඛනයක් බවට අපව පැහැරගැන්වී ඇත ,
අනන්‍යතාවක් නොමැති වුන් ලෙසට අපව පාලනය කෙරවී ඇත , අපව සොරකම් වී ඇත ..
කාලය උදාර ලෙස ගෙවිලා යනවා.
නමුත් අපේ ගැන සඳහන් අපේ ලේඛන අප ළඟ නොමැති බැවින්
අපගේ ඊළඟ පියවරම අපටම ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙලා
එහෙන්,මෙහෙන් හැමදේම අප පසු කර ගෙවී යනවා ,
.තවදුරටත් ඔහේ බලාගෙන ඉඳලා හිස් අතින්ම යන්න අපට බැහැ,
අපි අපේ සැබෑ අනන්‍යතාවය සොයාගමු
අපි අපේ සැබෑ ‘ලේඛන’ සොයා යමු

