Sunday, October 26, 2025
Homeපුවත්දේශපාලනපුරපති සටනට හිරුණිකා ?

පුරපති සටනට හිරුණිකා ?

-

කොළඹ මහනගර සභාවේ ස.ජ.බ නගරාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා එම අපේක්ෂකත්වය භාර නොගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
එයට හේතුව ඡන්දය යම් ආකාරයකින් කල් දැමුව හොත් තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයත් අහිමි වී නගරාධිපති ධුරයත් අහිමි වේය යන සැකය බව ඔහුගේ සමීපතමයෝ පවසති.
ඒ අනුව ස.ජ.බ කොළඹ නගරාධිපති අපේක්ෂිකාව ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි ස.ජ.බ ප්‍රබලයෝ පවසති.


ඒ අතර අලි පොහොට්ටු සන්ධානයෙන් මෙවර කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස හිටපු පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඉදිරිපත් ඉදිරිපත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ.

ෆයිසර් මුස්තාපා මැද කොළඹ ආසනය පදනම් කරගත් ජනප්‍රිය චරිතයක් වන අතර හිරුනිකාගේ පදනම ඇත්තේ කොළොන්නාව ප්‍රදේශයේ නිසා මෙහි දී වැඩි ජන බලයක් ෆයිසර් මුස්තාෆා ට ඇති බව කොළඹ නගර සභාවේ සමහරු පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන්

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ...

2025 ලෝක සංචාරක දිනය සමරමින් Sri Lanka Tourism Expo ඇරඹේ!

පුළුල් පරාසයක විහිදුණු වැඩසටහන් මාලාවක් (Sri Lanka Tourism Expo) සමඟ 2025 ලෝක සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක ආයතනය (UNWTO)...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular