Wednesday, July 15, 2026
Homeපුවත්දේශපාලනපුරපති සටනට හිරුණිකා ?

පුරපති සටනට හිරුණිකා ?

-

කොළඹ මහනගර සභාවේ ස.ජ.බ නගරාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා එම අපේක්ෂකත්වය භාර නොගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
එයට හේතුව ඡන්දය යම් ආකාරයකින් කල් දැමුව හොත් තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයත් අහිමි වී නගරාධිපති ධුරයත් අහිමි වේය යන සැකය බව ඔහුගේ සමීපතමයෝ පවසති.
ඒ අනුව ස.ජ.බ කොළඹ නගරාධිපති අපේක්ෂිකාව ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි ස.ජ.බ ප්‍රබලයෝ පවසති.


ඒ අතර අලි පොහොට්ටු සන්ධානයෙන් මෙවර කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස හිටපු පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඉදිරිපත් ඉදිරිපත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ.

ෆයිසර් මුස්තාපා මැද කොළඹ ආසනය පදනම් කරගත් ජනප්‍රිය චරිතයක් වන අතර හිරුනිකාගේ පදනම ඇත්තේ කොළොන්නාව ප්‍රදේශයේ නිසා මෙහි දී වැඩි ජන බලයක් ෆයිසර් මුස්තාෆා ට ඇති බව කොළඹ නගර සභාවේ සමහරු පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular