සදීෂ් ක්‍රිෂ්ණපිල්ලෙයි – මහනුවර
ඔබේ දේශය ..
ඇවිද යන්න පුතේ
ගමනාන්තය වැඩි ඈතක නොවේ
කාපට් ඇතිරූ පාරේ පය ගසා ඇවිද යන්න.
කටු ඇනි රිදවුනු පාදවල සටහන්
කොහේ හෝ දුවිලි තට්ටුවල සැගවී තියේවි…..
දුකක් නැහැ පසුකර යන්න!
ලේ , කඳුළු හෙලමින් ,ඔවුන් මේ මග තැනු නිසයි ,
අද මමත්, ඔබත් මේ මගෙහි මෙලෙසින් ගමන් කරන්නේ.
ඒ ගැන හඬ නගා කියමින් ..
ඉදිරියම බලා කෙලින් ගමන් කරන්න
කොන්ද නමාගෙන මුල් වලට පොහොර දමලා,…
කප්පාදු කර අවුරුදු ගණනක් ගෙවිලත්,
පොඩිකර තබා ගැනීමට සාප ලද්දා වුවත්,
ඒ පැල තුළ ඔවුන් වැපිරුවේ
ඔබ ඇති කර ගත යුතු වීර්යයයි.
අත් එක්කොට ඇවිදින්න!,
අපහාස උපහාස ,ඇනුම් බැනුම් වලින් ඇඳුනු ‘ඉරි’ වලින්
බිහිවුණු සිතුවම් කොහේ හෝ මුල්ලක එල්ලී තිබුනාවේ ….
දිගුකල දෑත් ,ලෙසම ප්‍රතික්ෂේප වුනු වේදනාවන්ද සඟවා
අනන්‍යතාවද අහිමිවී ගියත්
නොසලකා හරින්නන්ට පවා
හදවතින්ම ආදරයෙන් සිනාසුන නිසා
දිළිඳු සෙනෙහසට අර්ථයක් ලැබුණි.
හදවතට හරස්ව ගැට ගසන ලද අත් ලිහන්න,
සුළඟ දෙබෑ වෙන තරමට දෙපසට වීසිකර ඇවිද යන්න.
‘ඇඟිලි තුඩින් කොනිත්තා ගත් දේ
උරිස පිටුපස ඇති කූඩයට දමා
ගොඩනැගු , දේශය.’…..
පිපිරුණු අත්, කැළැල් ඒ ලෙසම තිබුණාදෙන්,….
දෑත් රිදෙන තරමටම කැලෑ කපලා ,කඳු බෑවුම් කර,
හරිත පලසක් එලා, ගොඩනැගු දේශය,,,
ඇවිද යන්න ,ඉදිරියටම
ඔබ ඔබම ලෙස
හඬ නගා කියන්න
මේ ඔබේ දේශය …..
ගමනාන්තය දෙසටම ,
හිස ඔසවා ගමන් ගන්න
මේ ඔබගේම දේශය ……

