Sunday, October 26, 2025
Homeපුවත්දේශපාලනරංගගේ කතාවට පාක්ෂිකයන්ගෙන් දෝස්මුර !

රංගගේ කතාවට පාක්ෂිකයන්ගෙන් දෝස්මුර !

-

“ටයිකෝට්කාරයෝ පක්ෂයේ ලොකු පුටු අල්ලන්න එනවා” යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පසුගියදා මාධ්‍යයට ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති හා ප්‍රබල ක්‍රියාධාරීන්ගේ දැඩි විවේචනයට ලක් වී ඇතැයි වාර්තා වේ.

පක්ෂ අභ්‍යන්තරයේ පවතින යම් තත්ත්වයක් මේ විදිහට ප්‍රසිද්ධ මාධ්‍යවලට හෙළිකිරීම තුළින් පක්ෂයේ ගැටුම් ඇති බව පෙන්වා පාක්ෂිකයන් හා පාවෙන ඡන්දදායකයන් තුළ පක්ෂය පිළිබඳ කලකිරීමක් ඇතිවන ආකාරයට මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීම ඉතාම වැරදි ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පවසයි.

එක්සත් ජාතික පක්ෂය ටයිකෝට් විරෝධී පක්ෂයක් නොවන බවත් පක්ෂයේ ආරම්භකයා ඩී.එස්.සේනානායක සහ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ටයි කෝට්කාරයන් බවත් එවැනි තත්ත්වයක් තුළ ටයිකෝට්කාරයන්ට විරෝධයක් ගොඩ නැගීම රංග බණ්ඩාරගේ ග්‍රාමීය හීනමාන ලක්ෂණ ඉස්මතු වීමක් බව ප්‍රබල වෘත්තීය සමිති ක්‍රියාකාරීන් කීපදෙනකු NewsAsia සමග මේ පිළිබඳ අදහස් දැක්වීමේදී පැවසීය.

පක්ෂයට මේ වෙලාවේ අවශ්‍යවන්නේ රටටත් ජනතාවටත් පක්ෂයටත් වැඩ කළ හැකි වැඩකාරයන් බවත්, ඔවුන් ටයිකෝට්කාරයන්ද සරම් කාරයන්ද අඹුඩකාරයන්ද යන්න එහි දී වැදගත් නොවන බව එම වෘත්තීය සමිති ක්‍රියාකාරීහු පැවසූහ.රංග බණ්ඩාරගේ මෙවැනි ප්‍රාථමික ජාතිකවාදී කතාවලින් පක්ෂයේ පදනම වූ මෙරට නාගරික මධ්‍යම පාන්තික ජනතාව අපහාසයට ලක් කිරීම පක්ෂයට විශාල හානියක් බවත්, විශේෂයෙන් නීතිඥවරු, වෛද්‍යවරු ව්‍යාපාරිකයන්,රජයේ උසස් නිලධාරීන් ,බැංකු හා පුද්ගලික අංශයේ විධායක ශ්‍රේණිය වැනි එක්සත් ජාතික පක්ෂය සමඟ දේශපාලන ලේ ඥාතීත්වය ඇති සමාජ කංඩායම් මේ තුළින් එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලන වශයෙන් ඈත්වීමට ලක්විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.එම නිසා මෙය වහාම නිවැරදි කළ යුතු බව ඔවුහු පවසති .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

රන්ජන්ගේ ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පිටුපස “කොටි පිල්ලි”

රන්ජන් රාමනායක මහතා නායකත්වය දරන දේශපාලන පක්‍ෂය මෙහෙයවනු ලබන්නේ කොටි සංවිධානයටද සම්භන්ධ දේශපාලන හා මූල්‍ය අපරාධකරුවෙකු වන බවත් , ප්‍රභාකරන්ට බුලට් එකෙන් කරන්න බැරිවුණු දේ...

ජනපතිවරණයට මා වෙනුවෙන් වියදම් කරන මුදල , කඳුකර දෙමල ජනතාව වෙනුවෙන් ගෙවන වන්දියක් !

කඳුකරයේ දෙමළ ජනතාවගේ ගැටලුවලට නිසි විසදුම් ලබාදීමටත් , ඔවුන්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමටත් , මෙරට පාලනය කල සියලු රජයයන් අපොහොසත්ව ඇති බැවින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස තමා...

හරීන්ට, මනුෂට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර අහිමි වේ !

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරැන් වන හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජන බලවේග පක්ෂයෙන් නෙරපා හැරීමට ගන්නා ලද තීන්දුව නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු...

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාවට ඉන්දියාවේ සහය !

මහජන ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේදී, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jah) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ හමුවක් සිදුවූ...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular