ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙනුවෙන් විද්‍යුත් බස් රථ 50 ක් බස්නාහිර පළාත ආවරණය වන පරිදි ධාවනවට යෙදවීම පිණිස රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය ව්‍යාතියක් සම්පාදනය කිරීම සදහා 2023-02-27 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී අනුමැතිය ලබා දී තිබේ.

එහෙත්, එම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත ප්‍රතිලාභ තහවුරු කර ගනිමින් එකී බස් රථ මඟින් වැඩි මාර්ග ප්‍රමාණයක් සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සැලසීමට හැකි වන අයුරින් යෝජිත ව්‍යාපෘතිය යටතේ ධාවනයේ යොදවනු ලබන විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 200ක් පමණ දක්වා ඉහළ නැංවීම වඩාත් යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය යටතේ ප්‍රසම්පාදනය කරනු ලබන විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 200 දක්වා ඉහළ නැංවීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

