Sunday, October 26, 2025
Homeපුවත්ව්‍යාපාරික පුවත්ලාංකික නාවික සේවකයන්ට ⁣ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් !

ලාංකික නාවික සේවකයන්ට ⁣ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් !

-

ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වෙළඳ නාවිකයන් හෙවත් සීමන්ස්ලා සම්පාදනයෙහිලා 2013 වසරේ සිට කීර්තිමත් නාමයක් දිනා සිටින ලාංකික සමාගමක් වන Seraya Shipping පෞද්ගලික සමාගමේ සහ Seraya Maritime service සමාගමේ නව මෙහෙයුම් කාර්යාල සංකීර්ණය පසුගියදා (30) නුගේගොඩ දී ආරම්භ කළේ එම සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ සුජීව සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.


එහි දී අදහස් දැක් වූ සූජීව සේනාරත්න මහතා ප්‍රකාශ කළේ,මේ වන විට සෑම දිනකම ලෝකයේ කොතනක හෝ නැව් පනහකට ආසන්න සංඛ්‍යාවක Seraya Shipping පෞද්ගලික සමාගම අනුයුක්ත කළ නාවිකයන් 800 ආසන්න සංඛ්‍යාවක් අඛණ්ඩව සේවයේ නිරත වන බවත්, එසේම වසරකට ශ්‍රී ලාංකික වෙළඳ නාවිකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට ඉල්ලුමක් ලෝකයේ නැව් සමාගම්වල පවතින බවය. 2013 වසරේ ආරම්භ කළ තම සමාගම නාවික සේවකයන් 20,000 ආසන්න පිරිසක් නාවික ක්ෂේත්‍රයේ සේවයේ යොදවා ඇති බව ඒ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.


අද ලෝකයේ ආනයන අපනයන ක්ෂේත්‍රයේ ප්‍රබලතම ප්‍රවාහන මාධ්‍ය බවට පත්වී ඇති නාවික සේවා පවත්වා ගෙන යාමට නාවිකයන් (Seafarers ) හෙවත් සීමන්ස්ලාගේ සේවය අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත.ලෝකයේ බොහෝ නැව් සමාගම් ශ්‍රී ලංකාවේ නාවිකයන් තම නැව්වල සේවයට බඳවා ගැනීමට කැමැත්ත දක්වන බැවින්, පවතින විවිධාකාර වූ ගැටලු විසඳා ගෙන නාවික සේවකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇති රැකියා ඉල්ලුම රැක ගැනීමට කටයුතු කිරීමට රාජ්‍ය හා දේශපාලන බලධාරීන්ගේ අවධානය යොමු වියයුතු බව සූජීව සේනාරත්න මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන්

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ...

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ දොරටු විවර කරන Sri Lanka Tourism Job Fair and Career Expo 2025 සාර්ථකව අවසන් වෙයි

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිවලට පිවිසීමට ඉඩ සළසා දීමේ අරමුණෙන් පැවැත්වුණු Sri Lanka Tourism Job Fair and Career Expo කොළඹ One Galle Faceහිදී සාර්ථකව අවසන්...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular