Sunday, January 11, 2026
Homeපුවත්වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස කාණ්ඩයේ රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මාන...

වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස කාණ්ඩයේ රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මාන දිනයි

-

වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World International සංවිධානය කළ BWIO සම්මාන ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය හා ඒ ආශ්‍රිත සේවා අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය.

පසුගියදා ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු සම්මාන උළෙලේදී රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම නියෝජනය කරමින් නේවාසික කළමනාකරුවන් වන විජිතා කාරියවසම් මහත්මිය සහ මොහොමඩ් අර්ෂත් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

මීට පෙරද රෝයල් නර්සින් හෝම් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සම්මාන රැසක් දිනා ඇති අතර මෙම වසරේදී පමණක් සම්මාන හතරක් ලැබීම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ විශිෂ්ටත්වය, කැපවීම, පාරිභෝගික විශ්වාසය, ගුණාත්මකභාවය හා වෙ‌ළෙඳපොළ නායකත්වය හොඳින් පෙන්නුම් කරයි.

2007දී සීමිත සේවකයන් පිරිසකගෙන් ඇරැඹූ රෝයල් නර්සින් හෝම් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විශාලම හෙද සත්කාර සේවා සපයන්නා වේ. මහරගම, ගල්කිස්ස, කඩුවෙල, හංවැල්ල යන ප්‍රදේශවල මෙන්ම එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේද සුඛෝපභෝගී සත්කාරක සේවා මධ්‍යස්ථාන පවත්වා ගෙන යන රෝයල් නර්සින් හෝම් එහි ආරම්භක සභාපති මනුජ හේවාවසම් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන අතර වෛද්‍යවරු, හෙද පාලිකාවෝ, හෙදියෝ සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයෝ 1600කට වැඩි පිරිසක් එහි සේවය කරති. නවීන පහසුකම්වලින් සපිරි රෝයල් නර්සින් හෝම් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සපයයි. ශ්‍රී ලංකා පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ අනුමැතිය ලැබූ රෝයල් නර්සින් හෝම් ISO 9001-2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලැබූ මෙරට ප්‍රථම සහ එකම වැඩිහිටි රැකවරණ සේවා මධ්‍යස්ථානය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular