malliyappusanthi thilakar
අපි ගස්ය.
දිරාපත්ව ගියපු ගස්ය,
අලවන ලද ශරීරය දියවී ගියපු ගස්ය.
අපට කොල දළුලන, සරත් ඍතු කාලවල් නොමැත.
අප මත අලවන කොළ පමණක්
කහ පාටින් කොළ පාටටත් කොළ පාටින් නිල් පාටටත්
වෙනස් වෙමින් පවතී….
නමුත් අපට අයිති සැබෑ ස්ථිර වර්ණය රතුය.
මේ වර්ණ වෙනස්කම් අපගේම හොඳට බව ඔවුහු පවසති
අපගේ අතු වලට සීමාවන් ඉක්මවා වර්ධනය වීමට ඔවුහු ඉඩ නොදෙනු ඇත
එලෙස අප එක් රාමුවක් තුළ සිරවී , නීතී රීති වලට යටපත්ව ජීවත් වන්නෙමු …
අපගේ දිළිඳු බවේ වර්ණය නම් කවදාවත් වෙනස් වූයේ නැත,
අපගේ අයිතීන් වෙනුවෙන් සැබෑ හඬක් ඔවුන් තුලින් නැගුනේද නැත ,,,
විපලවවාදී බවයැයි මවාපාන අර්ථ විරහිත ගීතයක් පමණක් විටින් විට ඔවුන්ගේ මුවින් පිටවේ….
අපේ හතුරා අප ඉදිරියේ නොව අපට පිටුපසින් මීදුමක් සේ සිටී ……..
අපව ලේ උරා බොන, කළු පැහැ මෙම කූඩැල්ලන් දැන් බහුලවී ඇත …
අපගේ මාර්ගය කුමක්දැයි, මීට කලින්ම මෙම අඳුරු මීදුම විසින් තීරණය කර තිබුණි.
ඔවුන් නිසා අපගේ ලිපිනයන් පවා අපෙන් ගිලිහී ගොස්ය
අපෙන් දළුලන අංකුර වලටත් , ඔවුන් දුකක් දී කොනිත්තනු ලබයි.
අපේ පැටවුන් මල් කාලයේදීම පෑගි පොඩිවී යයි…..
අපේ හතුරා අප ඉදිරියේ නොව පිටුපසින්ය
පොරෝ පහරෙන් පතුරු වෙනවා හැර, ඉදිරියේදී මෙම ගස් දළුනොලනු ඇත

