Sunday, October 26, 2025
Homeපුවත්ව්‍යාපාරික පුවත්සම්ප්‍රදායික ‘අරාබි රස’ රැසක් සමඟින් ලෙබනන් චෙෆ් කොල්ලුපිටියේදී විවෘත වේ!

සම්ප්‍රදායික ‘අරාබි රස’ රැසක් සමඟින් ලෙබනන් චෙෆ් කොල්ලුපිටියේදී විවෘත වේ!

-

අරාබි ආහාර රස විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශීය සංචාරකයන්ට උදා කර දීමේ අරමුණින් ලෙබනන් චෙෆ් අරාබි අවන්හල පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත විය. අංක 56, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටි ලෙබනන් චෙෆ් අවන්හල විවෘත කිරීමේ උත්සවයට මැද පෙරදිග කළාපයේ තානාපති කාර්යාල නිලධාරීහු රැසක්ද සහභාගී වූහ. ලෙබනන් චෙෆ් පෞද්ගලික සමාගම ඇරැඹූ පළමු අවන්හල මෙය වන අතර ඉදිරියේදී මෙරට සංචාරක කේන්ද්‍රස්ථාන රැසකට සිය අවන්හල් ජාලය ව්‍යාප්ත කිරීමට සමාගම අපේක්ෂා කරයි.

උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා ලෙබනන් චෙෆ් අවන්හල විවෘතව පවතී. සාම්ප්‍රදායික අරාබි කෑම වට්ටෝරුවලින් සපිරි ලෙබනන් චෙෆ් අවන්හලේ සියලුම සූපවේදීන් අරාබි ජාතිකයන් වීමද සුවිශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වෙමින් පවතින මොහොතක විශේෂයෙන් මැද පෙරදිග සංචාරකයන් ඉලක්ක කර ගෙන මෙම අවන්හල විවෘත කළ බව එහි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධි ප්‍රදීප් නියදඬුපොළ මහතා පැවසීය.

“ලංකාවට ඉතා සමීපව පිහිටා ඇති මැද පෙරදිග බොහෝ රටවල සිට සතියකට සෘජු ගුවන් ගමන් වාර රැසක් ලංකාවට ක්‍රියාත්මක වෙනවා. විශාල ජනගහණයක් සිටින මැද පෙරදිගින් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ඉහළ විභවතාවක් පවතිනවා. වසර 40ක පමණ සිට ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනක් මැද පෙරදිග රැකියාවල නිරත වී ඇති නිසා එම රටවල ජනතාව හා ශ්‍රී ලාංකිකයත් අතර සමීප සම්බන්ධතාවක් පවතිනවා. වසරකට අරාබි සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණෙනවා. ඔවුන්ට තමන්ට ආවේණික ආහාර රස විඳීමට දිවයින පුරා පැතිරුණු අරාබි අවන්හල් ජාලයක අවශ්‍යතාව ඉතා තදින් පවතිනවා. එම අඩුව සම්පූර්ණ කිරීමට තමයි අවන්හල් ජාලයක පළමු අවන්හල ලෙස ලෙබනන් චෙෆ් කොල්ලුපිටිය ප්‍රධාන ශාකාව විවෘත කළේ.” බුද්ධි ප්‍රදීප් නියදඬුපොළ මහතා වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන්

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ...

ලෝක සංචාරක දිනය සමරමින් Colombo Travel Mart 2025 One Galle Faceහිදී උතකර්ෂවත් ලෙස ඇරැඹේ

2025 ලෝක සංචාරක දින සැමරුම් වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular