Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්මෙවර INTERNATIONAL BUSINEES ICON සම්මානය පැල්වත්ත සමාගමට

මෙවර INTERNATIONAL BUSINEES ICON සම්මානය පැල්වත්ත සමාගමට

-

කොළඹ සිනමන්ග්‍රෑන් හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී International business awards icon සම්මානයෙන් පිදුම් ලබීමට මෙරට විදේශ විනිමය ඉතිරි කරනු ලබන මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිශ්පාදන ස්න්නායමක්වන පැල්වත්ත සමාගම පසුගුයදා සිය විශිශ්ටත්වය තවදුරටත් තහවුරු කරමින් මෙම සම්මානයෙන් පිදුම් ලබන ලදී .

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී Medicina Alternativa OIUCM (Alma Ata-1909) සාමාජිකයන් විසින් පැල්වත්ත සමාගම වෙත මෙම සම්මානය ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට පත් සෞඛ්‍ය වෘත්තිකයින්, වෛද්‍යවරුන් මෙන්ම මහාචාර්යවරුන් හා ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගී වීය.

Medicina Alternativa යනු 1962 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්ති හා අරමුණු වලට අනුකූලව පිහිටුවන ලද ජාත්‍යන්තර සංවිධානයක් වන අතර එහි ප්‍රධාන මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටා ඇත. වසර ගණනාවක ඉතිහාසයක් සහිත ආයතනයක් වශයෙන් ගෝලීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නවකයන් හා ප්‍රවීණයන් ඇගැයීම හා ප්‍රවර්ධන කිරීම මෙම සංවිධානයේ අරමුණයි. එසේම Medicina Europe Association සහ Ecumenical Medical Humanitarian Knights of St John යන සංවිධාන ද්විත්වයේ එකඟත්වයෙන් පැල්වත්ත සමාගම මෙම සම්මානය දිනාගැනීම සුවිශේෂි කරුණකි. Medicina Alternativa සංවිධානය මෙම සම්මානය ප්‍රදානය කිරීමේ මූලික අරමුණ වනුයේ වර්තමානයේ ව්‍යාපාරයන්ගේ නායකත්වයේ කැපවීම , දක්ෂතාවය හා දූර්දර්ශිභාවය අගයමින් දිරිමත් කිරීමයි.

මෙම International Business Icon Award 2023 (IBIA) සම්මානය දිනාගැනීම පැල්වත්ත සමාගමේ කිරි නිෂ්පාදන ක්‍රියාවලියේ උසස් තත්ත්වය හා විශිෂ්ටත්වය වෙනුවෙන් කදිම නිදසුනකි. විවිධ නිෂ්පාදන පරාසයන් යටතේ මෙරට පාරිභෝගිකයන් වෙනුවෙන් සිදුකරන දායකත්වය වෙනුවෙන් දිනාගන්නා ලද මෙම ජාත්‍යන්තර සම්මානය සමස්ත පැල්වත්ත සමාගමේ සහයෝගීතාවයේ ප්‍රතිථලයකි. පැල්වත්ත සමාගම විසින් මෙබඳු ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් සහිත සම්මානයන් දිනාගැනීම හරහා ජාත්‍යන්තර ප්‍රජාව තුළ දේශීය කිරි කර්මාන්තය පිළිබඳව අවධානය යොමුවීම සිදුවේ. දිගුකාලීනව පැල්වත්ත සමාගමේ සාර්ථකත්වය සමඟ රැඳිසිටි ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව පැල්වත්ත සමාගමේ මෙම ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවෝ වෙති

(තෙනුලි රයත්මා ප්‍රේමරත්න )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular