Sunday, April 5, 2026
HomeSlumසාමූහික ගිවිසුම - නල්ලෛයා චන්ද්‍රසේගරන්, මාතලේ

සාමූහික ගිවිසුම – නල්ලෛයා චන්ද්‍රසේගරන්, මාතලේ

-

අපිත් නිදහස ලැබූවන්…. නමුත්
නිදහස ලබා
වසරම හැටක් තවම
යටත් දංවැල සමඟ
අර්ථ රහිතව ජීවත් වන්නෙමු

නැගී සිට….
කෑ ගසා හඩ දී
අපවම  නංවා ගන්න
සිතන සැම විටම, 

කුමක් හෝ සාමූහික ගිවිසුමක් සමඟ 

අප සැමදා වලක් හාරා වැළලෙන්නෙමු.

මේ දේශයටත්
තේ වලටත්
ලේ බැදීම් ගොඩකි,
ඇයි- අපේ සැප නොදන්නා
ශෝකයන්ටද,
තෘප්තිය අහිමි ඥාතීන්ටද
අපේම “සංගමයන්” ද්‍රෝහී විය.

වෙහෙස මහන්සියෙන් වැඩකොට,
යන්තම් සිනහවක් මුව රඳවා ගත්තත් ,
රැකියාවෙන් සියවසක්
සැමරූවත් ….
තවමත් බත් පතකට, රුපියල් සියයේ බත් පතකට ….
කොඩි ඔසවා ඝෝෂා නගනෙමු

උප්පැන්නය, මානව හිමිකම්
හැදුනුම්පත් වෙනුවෙන්
රස්තියාදු වන්නෙමු , ඊට සන්තොසම්ද  දෙන්නෙමු

නමුදු සියල්ල එලෙසමයි
නිදහස් සුළඟ -අපට
ස්වර්ගයේ හෝ
එක් වරක්
සැප ලබා දේවිද?
නැතහොත්
සාමූහික ගිවිසුමක්
එහිදිත් හරස් වේවිද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජීවිතය – J.P. නැන්සි – වේවැල්වත්ත

J.P. නැන්සි - වේවැල්වත්ත ජීවිතය දෙපා නොතෙමි සාගරය තරණය කරවුන් සිටියි, එහෙත් දෑස් නොතෙමි ජීවිතය තරණය කරපු අය නැත හැමෝම ගමන් කරනවා මගෙහි , ඔවුන් පසුපස නොයන්න ...

හදිසි රැස්වීම… indraadewi

දුවගෙන විත්, අසුනෙහි වාඩි වී වෙලාව බැලුවෙමි, වෙලාව තුනයි.ඇයි මේ හදිස්සියේ රැස්වීමක් දැන ගැනීමට කුතුහලයක්. වටේටම සෙනගඅසුන් පිරි, කියවිලි ශබ්දය දෝංකාර දෙයි, බිත්ති පුරාහද ගැස්ම දෝංකාරය...

සතුරා අප පිටුපසින් සිටී … තිලකර් මල්ලියප්පු

malliyappusanthi thilakar අපි ගස්ය.දිරාපත්ව ගියපු ගස්ය,අලවන ලද ශරීරය දියවී ගියපු ගස්ය. අපට කොල දළුලන, සරත් ඍතු කාලවල් නොමැත.අප මත අලවන කොළ පමණක්කහ පාටින් කොළ පාටටත් කොළ පාටින්...

මෙහෙම වෙන්නත් ඇති – ජෙයාකාන්ත්. ජානු – යටියන්තොට

ஜெயகாந்த். ஜானு - எட்டியாந்தோட்டை ஒரு வேலை இப்படியாக கூட இருக்கலாம், ஒரு நுனி அளவு கூட எவ்வித எதிர்பார்ப்புமின்றி இலங்கை வந்தது,தேயிலை மரத்தடியில் மாசி இருப்பதாக கூறியதால் மாத்திரமே இல்லாமல் இருக்கலாம். ஒரு வேலை புது வாழ்க்கையை...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular