අපිත් නිදහස ලැබූවන්…. නමුත්
නිදහස ලබා
වසරම හැටක් තවම
යටත් දංවැල සමඟ
අර්ථ රහිතව ජීවත් වන්නෙමු
නැගී සිට….
කෑ ගසා හඩ දී
අපවම නංවා ගන්න
සිතන සැම විටම,
කුමක් හෝ සාමූහික ගිවිසුමක් සමඟ
අප සැමදා වලක් හාරා වැළලෙන්නෙමු.
මේ දේශයටත්
තේ වලටත්
ලේ බැදීම් ගොඩකි,
ඇයි- අපේ සැප නොදන්නා
ශෝකයන්ටද,
තෘප්තිය අහිමි ඥාතීන්ටද
අපේම “සංගමයන්” ද්‍රෝහී විය.
වෙහෙස මහන්සියෙන් වැඩකොට,
යන්තම් සිනහවක් මුව රඳවා ගත්තත් ,
රැකියාවෙන් සියවසක්
සැමරූවත් ….
තවමත් බත් පතකට, රුපියල් සියයේ බත් පතකට ….
කොඩි ඔසවා ඝෝෂා නගනෙමු
උප්පැන්නය, මානව හිමිකම්
හැදුනුම්පත් වෙනුවෙන්
රස්තියාදු වන්නෙමු , ඊට සන්තොසම්ද දෙන්නෙමු
නමුදු සියල්ල එලෙසමයි
නිදහස් සුළඟ -අපට
ස්වර්ගයේ හෝ
එක් වරක්
සැප ලබා දේවිද?
නැතහොත්
සාමූහික ගිවිසුමක්
එහිදිත් හරස් වේවිද ?

