මහ්සා අමීනි නම් කුර්දි ජාතික කාන්තාව හිජාබය පැළඳීම සම්බන්ධයෙන් නීති කඩ කළ බවට චෝදනා කරමින් ඉරාන පොලිස් අත්අඩංගුව අත්අඩංගුවට ගනු ලැබීය. වයඹ දිග නගරයක් වන සාකේස් හි දී මෙම කාන්තාව දින තුනක් කෝමා තත්ත්වයේ ගත කර, ටෙහෙරානයේ රෝහලේදී මිය ගියාය.
ඉරාන බලධාරීහු පවසා ඇත්තේ මහ්සා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අවිනීත ලෙස ඇඳුම් ඇඳ සිටි බවයි. එරට වැසියන් චෝදනා කරන්නේ ඇය පොලිස් අත්අඩංගුවේ පසුවන විට පහර කෑමට ලක් වී ඇති බවත් ඒ හේතුවෙන් මරණය සිදු වූ බවත් ය. මහ්සා ටෙහෙරානයේදී එරට සදාචාරාත්මක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයට “හදිසි හෘදයාබාධයක්” ඇති වූ නමුත් ඇයට හිරිහැර නොකළ බවට එම බලධාරීහු පවසති. කෙසේ වෙතත් මේ වන විට 22 හැවිරිදි මහ්සාගේ මරණය හේතුවෙන් රට පුරා විරෝධතා රැසක් ආරම්භ වී තිබෙනවා.

