Sunday, October 26, 2025
HomeSlumමෙහෙම වෙන්නත් ඇති - ජෙයාකාන්ත්. ජානු - යටියන්තොට

මෙහෙම වෙන්නත් ඇති – ජෙයාකාන්ත්. ජානු – යටියන්තොට

-

ஜெயகாந்த். ஜானு – எட்டியாந்தோட்டை

ஒரு வேலை இப்படியாக கூட இருக்கலாம்,

ஒரு நுனி அளவு கூட எவ்வித எதிர்பார்ப்புமின்றி இலங்கை வந்தது,
தேயிலை மரத்தடியில் மாசி இருப்பதாக கூறியதால் மாத்திரமே இல்லாமல் இருக்கலாம்.

ஒரு வேலை புது வாழ்க்கையை தொடங்க, தன் தாய் மண்ணிலிருந்து தன் கனவுகளை நிறைவேற்ற முடியாது என தோணியதால் கூட இருக்கலாம்

அப்படி இல்லையென்றால் தன் பெயரில் எழுதப்பாடாத கனவுகளை தன் பிள்ளைகளுக்காவது நிறைவேற்றி கொடுக்கும் நோக்கத்தில் கூட இருக்கலாம்

அதிகாரிகள் ஆள்வதற்காக இவர்கள் இரவு பகல் பார்க்காமல் வேலை செய்து கஷ்டப்பட்டது, என்றெக்காவது தனது பிள்ளைகளை ஆளவைப்பதற்கு உள்ள ஆசையால் கூட இருக்கலாம்

அதற்கிடையில் இவ்வளவு காலமாக நாட்டின் பொருளாதாரம் உயர முக்கிய வேறாக இருந்தும், எல்லோரும் கூறுகையில் லயத்து காட்டான் என்று அளவின்றிய மன கஷ்டமும் ஏற்றப்பட்டிருக்கும்

//////////////////////////////////

ජෙයාකාන්ත්. ජානු – යටියන්තොට

සමහරවිට මෙහෙම වෙන්නත් ඇති…

ඇඟිලි තුඩක් තරම්වත් බලාපොරොත්තුවක් නොමැතිව

ලංකාවට එන්න ඇත්තේ,

තේ ගස් යට උම්බලකඩ තියනවා කියපු නිසාම නොවෙයි වෙන්න ඇති………

සමහරවිට අලුත් ජීවිතයක් පටන් ගන්න,

තම මව්බිමේ ඉදන් තමන්ගේ හීන හැබෑ කරගන්න

බැරිවේවි කියලා හිතුන නිසා වෙන්න ඇති……

ලොක්කො රජකරවන්න දිවා රෑ නොබලා මහන්සි වෙන්න ඇත්තේ

කවදාහෝ තම දරුවන් රජ කරවීමේ ආශාවෙන් වෙන්න ඇති……

, මෙච්චර කාලයක් තිස්සේ රටේ ආර්ථිකයට ,මුදුන් මුලක් වෙලත්

‘ලයිමේ දෙමලු ‘ යයි හැමෝම කියනකොට ,

නොසෑහෙන්න දුක හිතෙන්නත් ඇති….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජීවිතය – J.P. නැන්සි – වේවැල්වත්ත

J.P. නැන්සි - වේවැල්වත්ත ජීවිතය දෙපා නොතෙමි සාගරය තරණය කරවුන් සිටියි, එහෙත් දෑස් නොතෙමි ජීවිතය තරණය කරපු අය නැත හැමෝම ගමන් කරනවා මගෙහි , ඔවුන් පසුපස නොයන්න ...

හදිසි රැස්වීම… indraadewi

දුවගෙන විත්, අසුනෙහි වාඩි වී වෙලාව බැලුවෙමි, වෙලාව තුනයි.ඇයි මේ හදිස්සියේ රැස්වීමක් දැන ගැනීමට කුතුහලයක්. වටේටම සෙනගඅසුන් පිරි, කියවිලි ශබ්දය දෝංකාර දෙයි, බිත්ති පුරාහද ගැස්ම දෝංකාරය...

සතුරා අප පිටුපසින් සිටී … තිලකර් මල්ලියප්පු

malliyappusanthi thilakar අපි ගස්ය.දිරාපත්ව ගියපු ගස්ය,අලවන ලද ශරීරය දියවී ගියපු ගස්ය. අපට කොල දළුලන, සරත් ඍතු කාලවල් නොමැත.අප මත අලවන කොළ පමණක්කහ පාටින් කොළ පාටටත් කොළ පාටින්...

ඒ දවස ඈතක නොවේ – සු. තවච්චේල්වන් – නුවර එළිය

සු. තවච්චේල්වන් - නුවර එළිය දවස වැඩි ඈතක නොමැත!… මගේ ජනතාවගේ රුධිරයේ වේගය දන්නවද ?හැගීම් වල විස්තාරය වැටහෙනවද?මේ කඳු ගැන ඔවුන් තුල ඇති දැක්මඔබගේ මලකඩ ගැසුණු මොළය...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular