පැයට කිලෝමීටර් 240ක වේගයකින් පිලිපීනය හරහා හමා ගිය නෝරු සුළි කුණාටුව හේතුවෙන් හතර දෙනෙකු මියගොස්, එක් පුද්ගලයෙක් අතුරුදන්ව හා 74,000කට අධික පිරිසක් අවතැන් වී ද තිබෙනවා.
මෙම සුළි කුණාටුවේ ප්‍රතිඵලයක් ලෙස මිලියන 110ක ජනගහනයක් ජීවත් වන ලූසෝන් දූපතේ නායයෑම් හා ජල ගැලීම් තත්ත්වයක් උද්ගතව ඇති අතර විදුලි බලයද ඇණහිට තිබෙන බව වාර්තා වේ.තත්ත්වය සමනය වන තුරු තාවකාලිකව ගුවන් ගමන් ද අත්හිටුවා ඇත.

