Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්IIHSඋපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් වේ.

IIHSඋපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් වේ.

-

දකුණු ආසියානු කළාපයේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හි පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 800කට පමණ උපාධි සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹදී පැවැත්විණි. එම ආයතනයේ 15 වැනි උපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය වන මෙහිදී පදනම්, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි වැනි පුළුල් පරාසයක විහිදුණු පාඨමාලා සම්පූර්ණ කළ සිසු සිසුවියන්ට අදාළ උපාධි හා සහතික පත්‍ර ප්‍රදානය කරන ලදී.

එහිදී උපාධි සහ සහතික පත්‍ර ලැබූ සිසු සිසුවියන් සමඟ IIHS ගෝලීය වශයෙන් මෙතෙක් බිහි කළ සෙෳඛ්‍ය වෘත්තිකයන් සංඛ්‍යාව 3,500කට අධික වේ. ඒ අතරින් රජයේ හෙද නිලධාරීන් 2,500ක් පමණ බිහි වී ඇති අතර එය සෙෳඛ්‍ය වෘත්තිකයන් සඳහා දිනෙන් දින ඉහළ යන ඉල්ලුම සැපිරීමට IIHS සතු කැපවීම තහවුරු කරයි. ඔවුන් මෙතෙක් බිහි කළ සෙෳඛ්‍ය වෘත්තිකයන් අතරින් 500කට අධික පිරිසකට ජාත්‍යන්තර රැකියා අවස්ථා ලැබී ඇත.

මෙම උපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේදී එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය පිරිනමන සුදුසුකම් සැපිරූ හෙද නිලධාරීන් 790කට වැඩි පිරිසක්ද සිය උපාධි ලැබීම සුවිශේෂ සන්ධිස්ථානයකි. එය කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ශාඛාවකින් උපාධි ලැබූ වැඩිම ජාත්‍යන්තර සිසු සිසුවියන් පිරිස වේ. IIHS දීර්ඝ කාලයක් පුරා කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර එ් හරහා උසස් ප්‍රමිතියෙන් සපිරි පාඨමාලා රැසක් හඳුන්වා දීමට IIHS සමත් වී ඇත. මෙරට පළමු වරට ශාස්ත්‍රපති උපාධිය ලැබූ විශාලම හෙද නිලධාරීන් සංඛ්‍යාවට අදාළ උපාධි ප්‍රධානයද මෙම උපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය අතරතුරදී සිදු විය.

දශක දෙකකට වැඩි ඉතිහාසයක් සහිත IIHS ලොව පුරා ඇති යහපත් භාවිතවලට හා ප්‍රමිතිවලට අනුකූලව සෙෳඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක් හඳුන්වා දී ඇත. ඊට අමතරව පර්යේෂණ සහ ප්‍රජා සංවර්ධන වැනි ක්ෂේත්‍රවලට අදාළ වැඩසටහන් රැසක්ද ඔවුන් මේ වන විට හඳුන්වා දී තිබේ. ඒ තුළින් නව සෙෳඛ්‍ය වෘත්තිකයන් දහස් ගණනක් බිහි කිරීමටත්, තවත් වෘත්තිකයන් විශාල පිරිසකගේ වෘත්තීමයභාවය ඉහළ නැංවීමටත් IIHS ක්‍රියා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular