Tuesday, May 26, 2026
Homeපුවත්Biomedical Sciences උපාධිය පිරිනැමීමට Coventry University සහ IIHS එක් වේ

Biomedical Sciences උපාධිය පිරිනැමීමට Coventry University සහ IIHS එක් වේ

-

දැනුමෙන් සපිරි සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින් Bachelors in Biomedical Sciences (ජෛව වෛද්‍ය විද්‍යා උපාධිය) පිරිනැමීම සඳහා එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) සමඟ එක් වේ. රෝග හඳුනා ගැනීම සහ ඒවාට ඵලදායී ලෙස ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය දැනුම සපයන ජෛව වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය වෛද්‍ය විද්‍යාවේ ඉතා වැදගත් අංගයකි. එය වෛද්‍ය විද්‍යාව සහ පර්යේෂණ පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීම, විද්‍යාගාර සොයා ගැනීම් සායනික කටයුතු සඳහා යොදා ගැනීම සහ ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා වැදගත් වන නවීන තාක්ෂණික උපක්‍රම පිළිබඳ දැනුම සපයයි. ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් හැදෑරීම සඳහා සුදුසු අධ්‍යාපන ආයතනයක් තෝරා ගැනීම ඉතා වැදගත් වන අතර වසර 22ක් පුරා සෞඛ්‍ය වෘත්තිකයන් 3,000කට වැඩි පිරිසක් නිර්මාණය කර ඇති IIHS ආයතනය එවැනි ආයතනය එහිදී ඉදිරියෙන්ම සිටී. 2021 සහ 2022 වසරවලට අදාළ Guardian University නිර්ණායක විසින් Coventry විශ්ව විද්‍යාලය සහ IIHS ආයතනය වෘත්තීය අධ්‍යාපනය සඳහා විශිෂ්ට ඒකාබද්ධ විශ්ව විද්‍යාලයක් ලෙස හඳුනා ගනු ලැබ ඇති අතර ඉගැන්වීම් හා පහසුකම් සඳහා 5 QS Stars සහතිකයද ලබා ඇත.

මෙම උපාධි පාඨමාලාව Institute of Biomedical Science (IBMS) සහ Health and Care Professions Council (HCPC) යන ආයතනවල අනුමැතියද ලබා තිබේ. ඒ හරහා එහි ගුණාත්මක බව තහවුරු වන අතර පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ට එක්සත් රාජධානියේ ජෛව වෛද්‍ය විද්‍යාඥයන් ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබේ. පුළුල් දැනුම සහ අත්දැකීම් සහිත විදේශීය විශ්ව විද්‍යාලවල සේවය කරන ආචාර්යවරුන්ද ඇතුළු ආචාර්ය මණ්ඩලයක් යටතේ පළමු දින පටන් උසස් තාක්ෂණයෙන් සහ නවීන පහසුකම්වලින් යුතු විද්‍යාගාරවල ප්‍රයෝගික ඉගෙනුම් ක්‍රමවේද යටතේ වෘත්තීය මට්ටමේ අධ්‍යාපනයක් සහතික කිරීමට IIHS ආයතනය කටයුතු කරයි. ජාතික සෞඛ්‍ය සේවාවේ හෝ පෞද්ගලික අංශයේ ජෛව වෛද්‍ය විද්‍යාඥයන් ලෙස කටයුතු කිරීමට හෝ ක්ෂේත්‍රයේ වෙනත් වෘත්තියක් වෙත යොමු වීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලැබෙන පරිදි මෙම වැඩසටහන සකසා ඇත. පර්යේෂණවල නියැලීමට සහ MSc හෝ PhD මට්ටමේ පාඨමාලා හැදෑරීමටද මෙමගින් අවස්ථාව ලැබේ. “වෛද්‍ය සහායකයන් ලෙස වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තු වන අයටත් මේ පාඨමාලාව හදාරන්න හැකියාව තිබෙනවා. විද්‍යාත්මක දැනුම සැපයීමට අමතරව මේ පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ගේ ගැටලු විසඳීමේ හැකියාව, තාර්කික චින්තනය සහ සන්නිවේදන කුසලතා වර්ධනය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. විද්‍යාව හා සම්බන්ධ මෙන්ම රාජ්‍ය සේවයේ සහ කළමනාකරණ මට්ටමේ රැකියා සඳහා මෙම පාඨමාලාව ඉවහල් වෙනවා.” IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular