Tuesday, May 26, 2026
Homeපුවත්ආර්ථිකDSI Tyres සංවිධානය කළ Hankook ටයර් ප්‍රධාන අලෙවි නියෝජිත හමුව RIU හෝටලයේදී...

DSI Tyres සංවිධානය කළ Hankook ටයර් ප්‍රධාන අලෙවි නියෝජිත හමුව RIU හෝටලයේදී පැවැත්වේ

-

ශ්‍රී ලාංකේය ටයර් වෙළෙඳපොළේ විශ්වාසනීය සන්නාමයක් වන DSI Tyres සමාගම මෙරටට සාර්ථකව හඳුන්වා දුන් Hankook රේඩියල් ටයර් තව දුරටත් දේශීය වෙළෙඳපොළේ සාර්ථකව ස්ථානගත කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ක්‍රියාවට නගමින් ලොව සුප්‍රකට Hankook ටයර් අලෙවි නියෝජිත මහත්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජීකයන් අගයමින් උත්කර්ෂවත් උත්සවයක් අහුන්ගල්ල RIU හෝටලයේදී පසුගියදා පවත්වන ලදී. මෙහිදී DSI Tyres සමාගම සමඟ එක් වී Hankook ටයර් දේශීය වෙළෙඳපොළේ බෙදා හැරීමට ප්‍රමුඛ දායකත්වයක් දැක්වූ අලෙවි නියෝජිතයන් අගය කරමින් Hankook කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ DSI Tyres කළමනාකාර අධ්‍යක්ෂවරයා අත්සන් කළ බලය ලත් අලෙවි නියෝජිතත්ව පිරිනමන විශේෂ සහතික පත්‍ර රාමු කර පිරිනමන ලදී. වගකීමෙන් සහ විශ්වාසනීයව Hankook ටයර් මිලට ගැනීමට පාරිභෝගිකයන්ව දැනුවත් කිරීමට අදාළව අවශ්‍ය උපදෙස් අලෙවි නියෝජිතයන්ට පිරිනැමීමද මෙහිදී සිදු විය.

දේශීය ටයර් වෙළෙඳපොළේ ප්‍රමුඛතම මෙන්ම විශ්වාසනීය සන්නාමයක් වන DSI Tyres සමාගමේ කළමනාකාරිත්වය හරහා Hankook ටයර් බෙදා හැරීම පාරිභෝගික විශ්වාසය සහ අලෙවිය වැඩි වීමට හේතු වුණ බව අලෙවි නියෝජිතයෝ එහිදී පැවසූහ. එසේම DSI Tyres සමාගම ක්‍රියාත්මක කරන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් Hankook ටයර් අලෙවිය වර්ධනය වීමට හේතු වූ බවද ඔවුහු පැවසූහ. දශක ගණනාවක කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන දකුණු කොරියාවේ Hankook ටයර් සමාගම ලොව විශාලම ටයර් නිෂ්පාදකයන් දහය අතර සිටින අද්විතීය සමාගමකි. ආරක්ෂාව, දිගු කල් පැවැත්ම, පරිසර හිතකාමී බව, සුව පහසුව ආදී සියලු සාධක මනාව කැටි කර නවීන තාක්ෂණයට අනුව නිපදවා ඇති Hankook රේඩියල් ටයර් වාහනයට නව පෙනුමක් සහ අගයක් එක් කරන නවෝත්පාදී කට්ට රටා රැසකින් හැඩ ගැන්වී ඇත. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට, දේශගුණයට මෙන්ම මෙරට බහුලව භාවිත වන වාහනවලට Hankook ටයර් මනාව ගැළපෙන බව පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමෙන් පසුව ආනයනය කර ඇති නිසා ඒවා විශ්වාසයෙන් භාවිත කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular