Sunday, October 26, 2025
HomeUncategorized72 වන සාංචි මහාබෝධි මහෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වේ !

72 වන සාංචි මහාබෝධි මහෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වේ !

-

72 දෙවන සාංචි මහාබෝධි මහෝත්සවය නොවැ.30 දෙසැ. 01 දෙදින අති උත්කර්ෂවත් අන්දමින් සාංචි චේතියගිරි විහාර පරිශ්‍රයේදී ඉන්දිය හා විදේශීය බෞද්ධ බැතිමතුන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

ක්‍රි.පූ.05 සියවසේ අශෝක අධිරාජයා සර්වඥ ධාතූන් වහන්සේලා සහ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කර ඉදිකරන ලද වර්තමානය ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සාංචි ස්ථූප සංකීර්ණයේ ඉදිකර ඇති සාංචි චේතියගිරි විහාරය කේන්ද්‍ර කර ගනිමින් මෙම දෙදින පැවති සංචි මහා බෝධි මහෝත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැ විශේෂ සුභාශිංෂණ රැගෙන ඉන්දියාවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය කිරන් රිජිජු (Kiran Rijiju) මැතිතුමා සමග ඉන්දීය ග්‍රාමීය සංවර්ධන හා පංචායත් සභා අමාත්‍ය ය ප්‍රහ්ලාද් සිං පටෙල් මහතා සහභාගි විය.


තායිලන්තයේ ආචාර්ය සුපචායි වීරාපුචොංන්ග් Dr.Supachai Verapuchong) මහතා ප්‍රමුඛ බෞද්ධයන් ද වියට්නාමයේ බෝධි චිත්තා තෙරණිය ඇතුළු වියට්නාම් බැතිමතුන් ද ජපාන බෞද්ධයින් භික්ෂු භික්ෂුනියන් ද ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

ශත වර්ෂ ගණනාවක් වනයට යට වී නටඹුන් වී තිබී, 1918 දී සොයා ගැනීමෙන් පසු,1851 ඇලෙක්සැන්ඩර් කණින්හැම් සහ ජෙනරල් මෙයිසි විසින් ප්‍රථම වරට කැණීම් කරන ලදී.
ඉන්පසු 1912 දී ශ්‍රීමත් ජෙනරල් ජෝන් මාෂල් මෙම නටබුන් ප්‍රතිසංස්කරණය කර සාංචි පුදබිම අද පවත්නා ගෞරවනීය තත්ත්වයට පත් කළේය.

එම කැණීම්වලින් පසු එංගලන්තයට රැගෙන ගොස් තිබූ මෙම සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා ඉන්දියාවට වැඩම කිරිමෙන් පසු සාංචි චේතියගිරි විහාරය ඉදිකර එහි තැන්පත් කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතු කටයුතු කළේ හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමියෝය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

SRI LANKA CONVENTION BUREAU TO ACCELERATE MICE CAPABILITY OF REGIONAL HOTELIERS IN THE SOUTHERN REGION

Keeping in line with the objectives stipulated in the Tourism Act, Sri Lanka Convention Bureau (SLCB) has been organizing regional MICE training programmes for the...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular