Tuesday, May 26, 2026
Homeපුවත්ආර්ථිකSITC කැම්පස් නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹයි

SITC කැම්පස් නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹයි

-

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් SITC කැම්පස් (sitc.lk) නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹයි. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් හා විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් සැදුම් ලත් විශිෂ්ට ආචාර්ය මණ්ඩලයක් දේශන මෙහෙයවයි. දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා සාධාරණ මිලකට සපයන කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස SITC කැම්පස් හැඳින්විය හැකිය. Psychology and Counseling, Diploma in Information Technology, Human Resource Management, Business Management, Cyber Security and Ethical Hacking, Sociology & Research Methodology ඩිප්ලෝමා පාඨමාලා ජනවාරි 26 වැනි දින ඇරැඹෙන අතර එම දිනට පසුව වුවද ඉතා කෙටි කාලයක් තුළ පාඨමාලා සඳහා ඇතුළත් විය හැකිය.

පාඨමාලා අවසානයේ UGC පිළිගත් විශ්ව විද්‍යාලයකින් පිරිනමන සහතික පත්‍ර සිසුන්ට හිමි වේ. ඩිප්ලෝමාවෙන් පසු UGC පිළිගත් උපාධියක් හැදෑරීමට සුදුසුකම් හිමි වන අතර උපාධියේ පළමු සෙමෙස්ටරය නිදහස් වේ. පාඨමාලාවෙන් පසු සිසුන්ට අවශ්‍යනම් ශ්‍රී ලංකාවේ බ්‍රිටිෂ් කවුන්සිලය අනුමත කර දෙන, විදේශගත වීමේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සත්‍ය පිටපත් සහතික කර දෙන Gatehouse UK මගින් Dual Qualification සහතිකයක්ද ගත හැකිය. Zoom හරහා ඉගැන්වීම් සිදු කරන මෙම පාඨමාලාවල Zoom රෙකෝඩින් පසු දිනම Youtube හරහා සපයන බැවින් දේශන සදහා පහසුවෙන් සහභාගී විය හැකි අතර කැමති වාර ගණනක් රෙකෝඩින් නැරැඹීමට හැකිය. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අවසන් කළ සිසුන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට, කළමනාකරුවන්ට, ව්‍යවසායකයන්ට, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම පාඨමාලා සඳහා සම්බන්ධ විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular