Tuesday, May 26, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්ලාංකික නාවික සේවකයන්ට ⁣ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් !

ලාංකික නාවික සේවකයන්ට ⁣ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් !

-

ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වෙළඳ නාවිකයන් හෙවත් සීමන්ස්ලා සම්පාදනයෙහිලා 2013 වසරේ සිට කීර්තිමත් නාමයක් දිනා සිටින ලාංකික සමාගමක් වන Seraya Shipping පෞද්ගලික සමාගමේ සහ Seraya Maritime service සමාගමේ නව මෙහෙයුම් කාර්යාල සංකීර්ණය පසුගියදා (30) නුගේගොඩ දී ආරම්භ කළේ එම සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ සුජීව සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.


එහි දී අදහස් දැක් වූ සූජීව සේනාරත්න මහතා ප්‍රකාශ කළේ,මේ වන විට සෑම දිනකම ලෝකයේ කොතනක හෝ නැව් පනහකට ආසන්න සංඛ්‍යාවක Seraya Shipping පෞද්ගලික සමාගම අනුයුක්ත කළ නාවිකයන් 800 ආසන්න සංඛ්‍යාවක් අඛණ්ඩව සේවයේ නිරත වන බවත්, එසේම වසරකට ශ්‍රී ලාංකික වෙළඳ නාවිකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට ඉල්ලුමක් ලෝකයේ නැව් සමාගම්වල පවතින බවය. 2013 වසරේ ආරම්භ කළ තම සමාගම නාවික සේවකයන් 20,000 ආසන්න පිරිසක් නාවික ක්ෂේත්‍රයේ සේවයේ යොදවා ඇති බව ඒ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.


අද ලෝකයේ ආනයන අපනයන ක්ෂේත්‍රයේ ප්‍රබලතම ප්‍රවාහන මාධ්‍ය බවට පත්වී ඇති නාවික සේවා පවත්වා ගෙන යාමට නාවිකයන් (Seafarers ) හෙවත් සීමන්ස්ලාගේ සේවය අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත.ලෝකයේ බොහෝ නැව් සමාගම් ශ්‍රී ලංකාවේ නාවිකයන් තම නැව්වල සේවයට බඳවා ගැනීමට කැමැත්ත දක්වන බැවින්, පවතින විවිධාකාර වූ ගැටලු විසඳා ගෙන නාවික සේවකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇති රැකියා ඉල්ලුම රැක ගැනීමට කටයුතු කිරීමට රාජ්‍ය හා දේශපාලන බලධාරීන්ගේ අවධානය යොමු වියයුතු බව සූජීව සේනාරත්න මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular