Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්Doctor J Premium Dental Care නිර්මාතෘ වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත BWIO සම්මාන දිනයි

Doctor J Premium Dental Care නිර්මාතෘ වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත BWIO සම්මාන දිනයි

-

Business World International Organization සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත වසරේ වඩාත් නව්‍ය දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ උපාධිධාරියෙකු වන ඔහු මෙරට කීර්තිමත් දන්ත වෛද්‍යවරයෙකි. කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රජයේ රෝහල් රැසක සේවය කර අත්දැකීම් සම්භාරයක් ලබා ඇති ඔහු ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකද සේවය කිරීමෙන් අනතුරුව Doctor J Premium Dental Care ආයතනය ඇරැඹීය. එය නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පිහිටා තිබේ. එම ආයතනය නවීන තාක්ෂණය යොදා ගනිමින් Restorative Dentistry, Cosmetic Procedures සහ Implantology වැනි අංශ රැසකට අයත් දන්ත වෛද්‍ය ප්‍රතිකාර සපයයි. American Academy of Implant Dentistry ආයතනය අනුමත කළ රෝස්මන් විශ්ව විද්‍යාලයේ ප්‍රතිස්ථාපන දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ නේවාසික පාඨමාලාවද හදාරා ඇති වෛද්‍ය ජීවන්ත ඔහුගේ හැකියාව උපයෝගී කර ගෙන දන්ත ප්‍රතිස්ථාපන ප්‍රතිකාර පිළිබඳව විශේෂඥතාවක් ලබා තිබේ.

ඔහු International College of Continuing Dental Education (FICCDE) සහ Pierre Fauchard Academy (USA) වැනි ආයතනවල කීර්තිමත් සාමාජිකයෙක් වේ. ඩිජිටල් දන්ත වෛද්‍ය විද්‍යාව, All-on-Four සහ Zygomatic Systems වැනි ක්‍රම භාවිතයෙන් කරන Full-Arch ප්‍රතිස්ථාපන ශිල්පීය ක්‍රම සහ ඩිජිටල් 3D ස්කෑන් භාවිතයෙන් සිනහව නිර්මාණය කිරීම වැනි අංශ පිළිබඳව ඔහු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුහුණු වැඩසටහන් සම්පූර්ණ කර ඇත. ආසියා – පැසිෆික් දන්ත වෛද්‍ය සමුළුව වැනි ජාත්‍යන්තර සමුළු සඳහා සහභාගී වී ඇති ඔහු එක්සත් ජනපදයේ Manchester University සහ රුසියාවේ North Western State Medical University වෙතින් පුහුණුව ලබා ඇත. මුඛ අභ්‍යන්තරය ස්කෑන් කිරීමේ සිට සංකීර්ණ දන්ත ප්‍රතිෂ්ඨාපන දක්වා වන සියලු අංශ පිළිබඳව ඔහු පාඨමාලා හදාරා තිබේ. දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇති වෛද්‍ය ජීවන්ත මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular