Tuesday, May 26, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්Business World International 2025 සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

Business World International 2025 සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

-

Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේ උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ව්‍යාපාරික ප්‍රජාව සහ ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ආරාධිතයන් රැසක් ඊට සහභාගී වූ අතර මෙරට කීර්තිමත් ආයතන සහ පුද්ගලයෝ රැසක් එහිදී සම්මානයට පාත්‍ර වූහ.

සම්මාන උළෙලට ප්‍රධාන ආරාධි අමුත්තන් ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි (ශ්‍රී ලංකාවේ නේපාල තානාපති) සහ මහාචාර්ය, ආචාර්ය ඩියට්මාර් ඩෝරිං (AGSEP Research සභාපති / නිර්මාතෘ සහ BWIO අනුශාසක මණ්ඩල සාමාජික) සහභාගී වූහ. ගෞරවනීය අමුත්තන් ලෙස තම් වයි ලෝන්ග් (ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්), මහාචාර්ය, ආචාර්ය රොහාන් ද සිල්වා (ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත මණ්ඩලයේ සභාපති), විශ්‍රාමික මේජර් ජෙනරාල් ආර්. ඒ. ජේ. එන්. රණසිංහ, ආචාර්ය රොහාන් පල්ලෙවත්ත (විධායක සභාපති – ලංකා හාර්නස්), ආචාර්ය කිෂු ගෝමස් (සභාපති – Exterminators PLC, ඩ්‍රීම්රොන් සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී සහ උපදේශක කමිටු සාමාජික – ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය), ඩයන් ගෝමස් (ජෝර්ජියානු කොන්සල්, සභාපති – කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ – නෙස්ලේ ලංකා) සහභාගී වූහ.

විශේෂ ආරාධිතයන් ලෙස රදගුරු, මහාචාර්ය, ආචාර්ය නිශ්ශංක වීරප්පුලිගේ (එක්සත් ජනපද BWIO උපදේශක මණ්ඩල සාමාජික), මහාචාර්ය, ආචාර්ය ඩේම් අනෝමා වීරරත්න විජේනායක (එක්සත් ජනපද BWIO උපදේශක මණ්ඩල සාමාජික), ජර්ඩ් හයින්සර්ලිං (එක්සත් ජනපද BWIO උපදේශක මණ්ඩල සාමාජික), ප්‍රියන්ත පද්මසිරි (ශ්‍රී ලංකා – කැනඩා ව්‍යාපාර කවුන්සිලයේ සභාපති), එම්. එච්. කේ. එම්. හමීස් (ශ්‍රී ලංකා – කැනඩා ව්‍යාපාර කවුන්සිලයේ උප සභාපති සහ ශ්‍රී ලංකා – මැලේසියා ව්‍යාපාරික කවුන්සිලයේ හිටපු සභාපති) සහභාගී වූහ. ආචාර්ය ඇන්තනි ඩෙක්ස්ටර් ප්‍රනාන්දු (එක්සත් ජනපද BWIO සභාපති – ජාත්‍යන්තර අංශය), ආචාර්ය තරිඳු විජේනායක (එක්සත් ජනපද BWIO නියෝජ්‍ය සභාපති – ජාත්‍යන්තර අංශය) සහ ආචාර්ය එමරිටා විජේනායක (එක්සත් ජනපද BWIO ව්‍යාපෘති සභාපති සහ අධ්‍යක්ෂ – ජාත්‍යන්තර අංශය) පැමිණ සිටි ආරාධිතයන් උණුසුම් ලෙස පිළිගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular