Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්BWIO සම්මානයෙන් Tree House International පිදුම් ලබයි !

BWIO සම්මානයෙන් Tree House International පිදුම් ලබයි !

-

දෙහිවල පිහිටි Tree House International වසරේ විශිෂ්ටම හා සාක්ෂි මත පදනම් වූ විශේෂ අවශ්‍යතා ජාත්‍යන්තර පාසල ලෙස BWIO සම්මාන ලැබුවේය. ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන් වූ එකම ජාත්‍යන්තර පාසල වන එහි අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් 75%ක් පමණ විදේශ රටවල සිට මෙරටට පැමිණ ඇත. උසස් ප්‍රමිතියේ සහ ප්‍රතිපල මත පදනම් වූ අධ්‍යාපනයක් ලැබිය හැකි වීම ඊට හේතුවයි. පසුගිය වාරයේදී එහි අධ්‍යාපනය ලැබූ සිසුන්ගෙන් 100%ක්ම ප්‍රධාන ධාරාවේ අධ්‍යාපන අවස්ථා හෝ වෘත්තීය පුහුණු අවස්ථා සඳහා යොමු විය.

වසර 20කට වැඩි ගෝලීය අත්දැකීම් සහිත වරලත් චර්යාත්මක මනෝ විද්‍යාඥයෙකු වන ආචාර්ය ඇන්ටන් ජේම්ස් විසින් මෙම පාසල මෙහෙයවනු ලබයි. ඔහු හඳුන්වා දී ඇති සාක්ෂි පදනම් කර ගත් ක්‍රමවේදය බ්‍රිතාන්‍ය මනෝ විද්‍යා සංගමය පිරිනමන ඉහළම ගෞරවයද ලබා ඇත. ඔහු වරලත් විද්‍යාඥයෙකු ලෙසද තේරී පත් වී ඇත. විශේෂ අවශ්‍යතා පිළිබඳ වසර 15කට වැඩි අත්දැකීම් සහිත විශේෂඥයෙකු වන ක්‍රිස්ටල් හොන්සේකර් පාසලේ සම අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. GCSE සඳහා විකල්පයක් ලෙස පිළිගත් බ්‍රිතාන්‍ය විෂය නිර්දේශයක් යටතේ ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular