Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට බැංකොක් හා දේශීය සංචාර පිරිනමයි

ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට බැංකොක් හා දේශීය සංචාර පිරිනමයි

-

ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අගයමින් අගනා බැංකොක් සංචාරයක් සහ RIU – Ahungalle හෝටලයේ සුව පහසු නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව උදා කර දෙන ලදී. එහිදී අලෙවි ඉලක්ක ඉහළින්ම සම්පූර්ණ කළ අලෙවි නියෝජිතයන්ට බැංකොක් සංචාරයක නිරත වීමට සහ අලෙවි ඉලක්ක සම්පූර්ණ කළ අනෙක් අලෙවි නියෝජිතයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට RIU – Ahungalle හෝටලයේ දෙදිනක් නිදහසෙන් සහ විනෝදයෙන් ගත කිරීමට අවස්ථාව ලැබිණි.

මීට පෙරද බැංකොක් සංචාර මෙන්ම තරු පංතියේ හෝටල් අත්දැකීම් සපයා ඇති ලෝටස් ටයර් සමාගම අඛණ්ඩව සිදු කරන මෙම දිරි ගැන්වීම් පිළිබඳව ලෝටස් ටයර් අලෙවි නියෝජිතයන්ගෙන් ඉහළ ප්‍රසාදයක් හිමි විය. පසුගිය වසරේදී අලෙවි ඉලක්ක සම්පූර්ණ කළ අලෙවි නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කළ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට මෙම අගනා අවස්ථා හිමි විය. මෙම අවස්ථාවලට සැම්සන් රබර් කර්මාන්ත ආයතනයේ කළමනාකාරිත්වය මෙන්ම ලෝටස් ටයර් විකුණුම් සහ අලෙවිකරණ කණ්ඩායමද සහභාගි වූහ. “ලෝටස් ටයර් සමාගම නිරන්තරයෙන් සිය විකුණුම් බලකාය අගය කරනවා. එම ඇගැයීමේ සැබෑ අරමුණ අප අතර තිබෙන සම්බන්ධතා තවත් ශක්තිමත් කිරීම ඔස්සේ පාරිභෝගිකයන්ට විශිෂ්ට නිෂ්පාදනයක් සැපැයීම.” ලෝටස් ටයර් ආයතනයේ වෙළෙඳ කළමනාකරු පැවසීය. “නියම මිලට… නියම දුරක්…” යන තේමාව ඔස්සේ දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට සමීප වන ලෝටස් ටයර් දශක ගණනාවක සිට පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගත් ටයර් සන්නාමයක් වේ. ගෙවන මුදලට උපරිම සාධාරණයක් ඉටු කරමින් පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු කරන ගුණාත්මකභාවයෙන් ඉහළ ලෝටස් ටයර් බයිසිකල් ටයර් සහ ටියුබ්, මෝටර් සයිකල් ටයර් සහ ටියුබ්, ත්‍රී වීලර් ටයර් සහ ටියුබ් ආදී නිෂ්පාදන පෙළකින් සමන්විතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular