Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්IIHS Multiversity Campus දෙවන සංවත්සරය සමරයි

IIHS Multiversity Campus දෙවන සංවත්සරය සමරයි

-

සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනයට අනුබද්ධිත IIHS Multiversity Campusහි දෙවන සංවත්සරය සිසුන්, කාර්ය මණ්ඩල සාමාජිකයන්, ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා කෙරවලපිටියේදී උත්සවාකාරයෙන් සමරන ලදී.

2023දී විවෘත වූ IIHS Multiversity Campus සෞඛ්‍ය සේවා සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නගා සිටුවීම අරමුණු කර ගත් විශිෂ්ට ඇරැඹුමකි. දශක දෙකකට වැඩි ඉතිහාසයක් සහිත IIHS ආයතනය හෙද සේවය, ජෛව වෛද්‍ය විද්‍යාව සහ අනෙකුත් සෞඛ්‍ය සේවා අංශවලට අදාළ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසා දී ඇත. ශාස්ත්‍රීය සහ වෘත්තීය සංවර්ධනය ළඟා කර ගැනීමට සිසුන්ට වැඩි දුරටත් සහාය වීමේ අරමුණෙන් දියත් කළ Multiversity Campus අති නවීන පහසුකම්වලින් සමන්විත වේ. සිසුන්ට ක්‍රියාකාරීව අධ්‍යාපන කටයුතුවල නිරත විය හැකිය. විශාල සිසු පිරිසක් දේශන ශාලා, කණ්ඩායම් ඉගැනුම් මධ්‍යස්ථාන සහ අනෙකුත් පහසුකම් පරිහරණය කරති. සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ගෝලීය ප්‍රමිතිවලට ගැළපෙන ඉගැන්වීම් ක්‍රමවේද හඳුන්වා දී තිබේ.

සිසුන්ට අධ්‍යාපන කටයුතුවලට අමතරව විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත වීමට අවශ්‍ය පහසුකම් සළසා දී ඇත. සාම්ප්‍රදායික ක්‍රීඩා, ආහාර සහ විශේෂාංගවලින් පිරි අවුරුදු උත්සව වැනි සංස්කෘතික වටිනාකමක් සහිත උත්සව අවස්ථා ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව, සිසුන් සහ කාර්ය මණ්ඩලය එක් වී ටැලන්ට් ෂෝ, පුණ්‍යාධාර වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් වැනි විවිධ වැඩසටහන් දියත් කරති. එවැනි වැඩසටහන් රැසක් පරිශ්‍රයට අයත් Rooftopහි පැවැත්වෙන අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වෙති.

පසුගිය වසරේදී IIHS ආයතනය එක්සත් රාජධානියේ සරේ විශ්ව විද්‍යාලය සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගත්තේය. එම මුලපිරීම හරහා නව මාවත් ඔස්සේ උසස් අධ්‍යාපනය හැදෑරීමට සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබේ. සිසුන්ගේ අධ්‍යාපනික සහ වෘත්තීය සංවර්ධනය පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කරන එම ආයතනය ශිෂ්‍යත්ව, උපදේශන සහ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් රැසක් දියත් කර ඇත.

ඉදිරියේදී නැගී එන ක්ෂේත්‍රවලට අදාළ අධ්‍යාපන වැඩසටහන් හඳුන්වා දීමටත්, සහයෝගිතා වැඩසටහන් යටතේ පර්යේෂණ සහ නව්‍යකරණ ව්‍යාපෘති දියත් කිරීමටත්, ශිෂ්‍යත්ව වැඩසටහන් සහ වෘත්තීය සංවර්ධනය හරහා සිසුන්ට සහාය වීමටත්, සෑම සිසුවෙකුටම ගෝලීය මට්ටමෙන් පිළිගත් අධ්‍යාපන සුදුසුකම් ලැබීම සඳහා අවස්ථාව සළසා දෙමින් සිය ගෝලීය සම්බන්ධතා ජාලය වඩාත් ශක්තිමත් කිරීමටත් IIHS ආයතනය සැළැසුම් කර තිබේ.

දේශීය මෙන්ම විදේශීය වශයෙන් නිර්මාණය වෙමින් පවතින රැකියාවල නිරත වීමට අවශ්‍ය දැනුමෙන් සහ කුසලතාවලින් පරිපූර්ණ වෘත්තිකයන් බිහි කිරීම එම ආයතනයේ ප්‍රධාන අරමුණයි. සංවත්සර සැමරුම් උත්සවයේදී එය මෙතෙක් ආ ගමන් මගේ ප්‍රධාන කොටස්කරුවන් වූ සිසුන්, අධ්‍යාපනවේදීන්, ආදී සිසුන්, අධ්‍යාපන හවුල්කරුවන් ඇතුළු සියලු පාර්ශ්වවලට IIHS ආයතනයේ කෘතඥතාව හිමි විය.

“දැනුම, කුසලතා සහ ගෝලීය වටිනාකම් සමඟ සිසුන් බල ගැන්වීම IIHS ආයතනයේ ප්‍රධාන අරමුණයි. Multiversity Campus දියත් කිරීමේදී අපගේ ප්‍රධාන බලාපොරොත්තුව වුණේ ගෝලීය වශයෙන් පිළිගත්, නව්‍ය සහ අංග සම්පූර්ණ ශාස්ත්‍රීය අත්දැකීමක් ලැබීමට සිසුන්ට අවශ්‍ය පහසුකම් සැළැසීම. එතැන් පටන් එය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින අධ්‍යාපන සහ සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කරන්නට අපට හැකි වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කිරීමට අපට හැකි වී තිබෙනවා.” IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular