Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

-

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල නගරයට සහ දක්ෂිණ අධිවේගී මාර්ගයට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකි දුරකින් තල්පේ ස්වභාවික පිහිනුම් ප්‍රදේශය ඉදිරිපිට පිහිටි මෙම නිවාස ව්‍යාපෘතිය දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට ප්‍රමුඛ තෝරා ගැනීමක් වනු ඇත. නිවාස සංකීර්ණයේ ගෘහ භාණ්ඩ සහිත අංග සම්පූර්ණ නිවාස ඒකක 227න් සැළකිය යුතු සංඛ්‍යාවක් මේ වන විටත් මිල දී ගෙන හෝ වෙන් කරවා ගෙන තිබීම ඊට සාක්ෂි දරයි.

මහල් 17කින් සමන්විත Icon V Talpe ඉන්දියන් සාගරයේ සුන්දරත්වය උපරිම ලෙස විඳීමට නේවාසිකයන්ට ඉඩ සළසමින් V හැඩයෙන්  ඉදි කර තිබේ. එහි ඇති එකිනෙකට වෙනස් නිවාස ඒකක වර්ග සංඛ්‍යාව හයකි. ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සමග සුව පහසු ජීවන අත්දැකීමක් බලාපොරොත්තු වන අයකුට ඇති තෝරා ගැනීම් අතර එය ඉහළින්ම තිබේ. පාරිභෝගිකයන්ට මුහුදට මුහුණලා පිහිටි පිහිනුම් තටාකය, වෙරළ තීරය සඳහා වන පහසු හා සෘජු ප්‍රවේශය, අලංකාර හා නිහඬතාවෙන් පිරුණු විවේකාගාර සහ සුව පහසුව හා නවීනත්වය එකට කැටි කර ගත් අභ්‍යන්තර සැළැසුම් වැනි පහසුකම් රැසක් අත්විඳිය හැකිය.

නේවාසික සහ ආයෝජන යන අංශ දෙකටම අදාළව නිර්මාණය කර ඇති Icon V Talpeහි නිවාස ඒකක ස්ථිර පදිංචිය හා නිවාඩු අවශ්‍යතා සඳහා දීර්ඝ කාලීන සහ කෙටි කාලීන බදු පදනම මතද  ගැනීමට අවස්ථාව තිබේ. මෙරට ඉහළම සංචාරක ආකර්ෂණයක් සහිත දකුණු වෙරළ තීරයේ පිහිටි සුඛෝපබෝගී නිවාස සංකීර්ණයක නිවාස ඒකකයක පදිංචි වීමට හෝ ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශිකයන්ට මෙය කදිම තෝරා ගැනීමකි.

ගෘහ විද්‍යාත්මක නවෝත්පාදනයට, අනර්ඝත්වයට සහ තිරසාරත්වයට මුල් තැන දෙමින් ඉදි කර ඇති එය මෙරට නේවාසික ඉදි කිරීම් ක්ෂේත්‍රයේ හැරැවුම් ලක්ෂ්‍යයක් වනු ඇත. ලංකාවේ එතෙක් මෙතෙක් ඉදි වූ අපාර්ට්මන්ට්වලට වඩා නවමු අත්දැකීමක් සපයමින් ලංකාවේ පළමු වරට සංචාරක මණ්ඩලයේ නිර්දේශය අනුව ඉදි වෙන මෙය මානසික නිදහස සමග ඉහළ ආදායමක් ලැබීමට පාරිභෝගිකයන්ට  අවස්ථාව උදා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular