ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර රටවල් 217 කින් අමුත්තන් 700 ක් පමණ එයට සහභාගි විය.
ජපානයේ දීර්ඝතම කාලයක් අගමැති ලෙස කටයුතු කළ අබේ මහතාට වයස අවුරුදු 67 දී සිය ජීවිත ගමන නිම කිරීමට සිදු වූයේ ප්‍රචණ්ඩකාරී හා දුර්ලභ සිදුවීමක් හේතුවෙනි. ඔහු ජපානයේ රාජ්‍ය අවමංගල්‍යයක් ලබා ගත් දෙවන අගමැති වේ.
රාජ්‍ය අවමංගල්‍යය සඳහා යෙන් මිලියන 176 ක පිරිවැයක් ඇස්තමේන්තු ගත කර තිබුණ අතර මුදලින් අඩක් පමණ ආරක්ෂාව තර කිරීම සඳහා භාවිතා කිරීමට වෙන් කර තිබූ අතර තවත් 1/3 විදේශීය අමුත්තන්ට සත්කාරකත්වය සැපයීමට යොදා ගැනුණි.

