Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්කීල්ස් සුපිරි වෙළෙඳසැල්, ෆීනික්ස් සමග එක්වේ !

කීල්ස් සුපිරි වෙළෙඳසැල්, ෆීනික්ස් සමග එක්වේ !

-

ෆීනික්ස් සමාගම Designed for Life නමින් නව ගෘහ නිෂ්පාදන පෙළක් පසුගියදා හඳුන්වා දුන්නේය. ආහාර බහාලුම්, රෙදි සෝදන බඳුන්, ළදරු නාන තටාක ආදී පුළුල් පරාසයක විහිද යන මෙම නව නිෂ්පාදන පෙළ දිගු කල්පැවැත්ම, මනා සුවපහසුව, ඉහළ ප්‍රමිතිය සහ විශිෂ්ට නිමාව තහවුරු කරමින් අලංකාර ලෙස නිපදවා ඇත. ශ්‍රී ලාංකීය ජනතාවගේ එදිනෙදා ගෘහ අවශ්‍යතා පිළිබඳව දශක ගණනාවක් පුරා විශේෂඥ දැනුමක් ඇති සන්නාමයක් වන ෆීනික්ස්, වත්මන් පාරිභෝගික අවශ්‍යතා මනාව හඳුනා ගනිමින් මෙම නව නිෂ්පාදන පෙළ ඉදිරිපත් කර ඇත. මෙම නව නිෂ්පාදන පෙළ දැන් කොළඹ 01 ඩාර්ලි පාරේ පිහිටි ප්‍රතිසංස්කරණය කළ කීල්ස් සුපිරි වෙළෙඳසැලෙන් ඔබට මිලට ගැනීමට හැකිය. කීල්ස් සුපිරි වෙළෙඳසැලට එදිනෙදා භාණ්ඩ මිලට ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ට සිය ගේ දොර අවශ්‍යතාවලට ගැළපෙන පරිදි මෙම නව ෆීනික්ස් නිෂ්පාදන තෝරා ගත හැකිය.
ජනතාවගේ එදිනෙදා ජීවන රටාව පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය උසස් තත්ත්වයෙන් සහ ඉහළ ගුණාත්මකභාවයෙන් සපිරි නවීන පන්නයේ නිෂ්පාදන නිරන්තරයෙන් හඳුන්වා දෙන ෆීනික්ස් සමාගම වෙළෙඳපොලට ඉදිරිපත් කළ මෙම නව නිෂ්පාදන පෙළ කලින් පරීක්ෂා කර බලා විශ්වාසයෙන් යුතුව මිලට ගත හැකිය. Designed for Life නිෂ්පාදන පෙළ එළි දැක්වීම සඳහා ෆීනික්ස් සමාගමට සුවිශේෂ සහයෝගයක් දක්වන කීල්ස් සුපිරි වෙළෙඳසැල් ජාලයේ කළමනාකරණ කණ්ඩායමට ෆීනික්ස් සමාගම තම හද පිරි ස්තුතිය පළ කරයි. ඉදිරියේදී මෙම හවුල්කාරිත්වය තුළින් නව අවස්ථා ගවේෂණය කරමින් පාරිභෝගිකයන්ට වාසි රැසක් සැපයීමට ෆීනික්ස් සමාගම බලාපොරොත්තු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular