Sunday, January 11, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්DBL අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි

DBL අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි

-

Deen Brothers Imports (DBL) සමාගම ඔවුන්ගේ දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් ඇගැයීමට සංවිධානය කළ DBL Night කොළඹ Cinnamon Life හෝටලයේදී පැවැත්විණි. 2006 සිට DBL අලෙවි නියෝජිතයන් ඇගැයීමට පැවැති වැඩසටහන් අතරින් විශාලම වැඩසටහන වන ඊට සහභාගී වූ අලෙවි නියෝජිතයන් සංඛ්‍යාව 500කට අධිකය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සහ Dongcheng සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු ජෝ චෙන් ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ. එහිදී DBL යන්ත්‍රෝපකරණ, Dongcheng බල මෙවලම්, අමතර කොටස්, අනෙකුත් උපාංග වැනි අංශවලට අදාළ ඉලක්ක සැපිරූ අලෙවි නියෝජිතයන්ට තෑගි වවුචර් ඇතුළු ත්‍යාග රැසක් පිරිනැමිණි. Dongcheng බල මෙවලම් අංශයේ කැපී පෙනෙන අලෙවි ඉලක්ක ළඟා කර ගත් අලෙවි නියෝජිතයන් 30කට දින පහක කාලයකට චීනයේ ෂැන්හයි බලා යාමට සහ ඒමට ගුවන් ප්‍රවේශ පත්‍ර පිරිනැමිණි. එම සංචාරයේ සියලු වියදම් සමාගම දරයි. සංචාරයේදී Dongcheng කර්මාන්තශාලාව නැරඹීමටද ඔවුන්ට අවස්ථාව ලැබේ.

ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DBL සමාගම ඔවුන්ගේම සහ එක්සත් ජනපදය, චීනය, තායිවානය, ඉන්දියාව, ජර්මනිය සහ තවත් බොහෝ රටවලට අයත් සන්නාම යටතේ එන නිෂ්පාදන රැසක් අලෙවි කරයි. පසුගිය කාලයේදී එම සමාගම දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා තිබේ. ගෝලීය සන්නාමයක් වන OREGON පිරිනමන ඇගැයීම් සම්මාන, 2024දී චීනයේ පැවැති වෙළෙඳ සහකරු සම්මේලනයේදී දිනූ ආසියා පැසිෆික් කළාපයේ විශිෂ්ටම අලෙවිකරු සම්මානය, ආසියා පැසිෆික් කළාපයේ ඉහළම කාර්ය සාධනයක් සහිත බෙදා හරින්නා වෙනුවෙන් පිරිනමන Champions of All Champions සම්මානය ඔවුන් දිනූ ජාත්‍යන්තර සම්මාන අතරින් කිහිපයකි. සිය නිෂ්පාදන වපසරිය වඩාත් පුළුල් කරමින් ඉදි කිරීම්, වාහන, කෘෂිකාර්මික, කාර්මික, දැව නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍රවල වර්ධනයට දායක වීම DBL සමාගමේ ප්‍රධාන අරමුණ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular