Sunday, April 5, 2026
Homeපුවත්ආර්ථිකDSI සමූහ ව්‍යාපාරය බරපතල අනතුරක !

DSI සමූහ ව්‍යාපාරය බරපතල අනතුරක !

-

DSI හී තමන් දැරූ තනතුරුවලින් නීති විරෝධී ආකාරයෙන් ඉවත් කිරීම අභියෝගයට ලක් කරමින් සමාගම් කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ සජිත් රාජපක්ෂ මහතා විසින් ගොනුකර තිබූ නඩුව සම්බන්ධයෙන් නියෝගය අප්‍රේල් 30 වැනිදා නිකුත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු පසුගිය (13) දින නියම කර තිබෙනවා.

තමාව නැවත එම තනතුරුවල පිහිටුවන ලෙස අධිකරණය විසින්ම ලබා දුන් නියෝගය නොසලකා හැරීමෙන් විත්තිකරුවන් අධිකරණයට අපහාස සිදුකර ඇති බැවින් ඔවුනට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි ඔහු විසින් පැමිණිල්ලක් ගොනුකර තිබුණේ. සජිත් රාජපක්ෂ මහතා විසින් ගොනුකර තිබූ එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය එදිනම පැවැත්වීමටද විනිසුරුවරයා දින නියම කළා.

DSI සමාගම ඇතුළු සමාගම් සමූහයට අයත් සමාගම් කිහිපයක කළමනාකාර අධ්‍යක්ෂ ධුර දැරූ සිය සේවාදායකයා එකී තනතුරුවලින් ඉවත් කර ඇත්තේ සමාගම් පනත උල්ලංඝනය කරමින් හා ස්වභාව යුක්ති ධර්මයට සම්පූර්ණයෙන්ම පටහැනි ආකාරයෙන් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මාරපන කොළඹ වාණිජ මහා අධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු හමුවේ පවසා තිබුණා. අභූත චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයක් ගතකර සිටිය දී සිය සේවා දායකයාව නිසි විමර්ශනයක් සිදු නොකර අත්තනෝමතික ආකාරයෙන් ඉවත් කිරීමෙන් සහ ඔහු දැරූ තනතුරුවලට වැඩ බැලීම සඳහා වෙනත් අය පත්කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී යයි ජනාධිපති නීතිඥ නවින් මාරපන පවසා තිබෙනවා.

එකී ඉවත් කිරීම සිදුකර ඇත්තේ ඉතා සීමිත පිරිසකගේ අවශ්‍යතාවය හා බලපෑම් මත බවයි ඔවුන් පවසන්නේ. විශේෂයෙන් ඉතා කාර්යක්ෂම පුද්ගලයෙකු වන සජිත් රාජපක්ෂ මහතා වැනි අයෙකු ඉවත් කිරීම, වග උත්තරකරුවන් සිදුකර ඇතැයි කියන විවිධ අක්‍රමිකතාවන් වසන් කිරීමේ අරමුණින් සිදුකළ බවට පෙනී යන්නේ යැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පවසා තිබුණා.

DSI සමාගම් සමූහයට අයත් සමාගම් අතරින් සිය සේවා දායකයා මෙහෙයවන සමාගම් මව් සමාගමේ ලාභයෙන් 60%ක ට අධික ශුද්ධ ලාභයක් උපයා ඇති බවත් එකී දක්‍ෂභාවයන් හේතුවෙන් අනෙකුත් සමාගම්වල මූලිකයන් ලෙස කටයුතු කළ වගඋත්තරකරුවන්, ද්වේශ සහගතව එකී කුමන්ත්‍රණය දියත් කර ඇති බවත් ජනාධිපති නීතිඥ නවින් මාරපන අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

අධිකරණයට කරුණු පෙන්වා දී ඇත්තේ DSI සමූහ ව්‍යාපාරයේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂ මෙන්ම CNCI (The Ceylon National Chamber of Industries) ආයතනයේ නියෝජ්‍ය සභාපති කසුන් රාජපක්ෂ සහ DSI සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයෙක් සහ NCE (National Chamber of Exporters) (NCE) ආයතනයේ උප සභාපති ලෙස කටයුතු කරන ඩිල්ශාන් රාජපක්ෂ යන අය මෙරටින් පිට විවිධ පාවහන් හා සම්බන්ධ ව්‍යාපාර ආරම්භ කොට කූට ලෙස මව් සමාගමේ මුදල් විනිමය නීති වලට පටහැනි ආකාරයෙන් රටින් පිටුවහල් කර ඇති බවයි. මෙලෙස සමාගමට අහිමි කර ඇති මුළු මුදල මිලියන 400කට අධික බව පැවසෙනවා.

අධිකරණයට දක්වා ඇති කරුණු අනුව Azamaq Novelties Trading LLC යන ඩුබායි සමාගම හරහා මව් සමාගමට රුපියල් මිලියන 104 මූල්‍ය අවභාවිතාවක් ද, Y Communications QLD PTY LTD යන ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත සමාගම හරහා රුපියල් මිලියන 120ක මූල්‍ය අවභාවිතාවක් ද, Lakeland Footwear International Limited යන එක්සත් රාජධානියේ ස්ථාපිත සමාගම හරහා රුපියල් මිලියන 70ක මූල්‍ය අවභාවිතාවක් ද වශයෙන් අති විශාල මූල්‍ය අවභාවිතා සිදු වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඉහත සමාගම්වල ආයෝජනය කර ඇති ප්‍රාග්ධනය හීන වී ශුන්‍ය අගයකට පත්ව එම සමාගම්වල අලාභය 2022 මාර්තු 31 වන දිනට රුපියල් මිලියන 81ක ට අධික බව අධිකරණයට ඉදිරිපත්වී ඇති කරුණු මගින් සනාථ වී ඇති බවයි කියන්නේ. මෙය අදාළ සමාගම්වල අධ්‍යක්ෂකවරුන්ගේ අධ්‍යක්ෂ වගකීම් දරුණු ලෙස පැහැර හැරීමක් බවයි කියන්නේ. විශාල පාඩු සිදු වී තිබියදීත් මෙම ආයතනවලට DSI ආයතනය විසින් මිලියන 212ක අතිවිශාල ණය මුදලක් ලබා දී ඇති අතරම වෙළඳාම් කිරීම සඳහා රුපියල් මිලියන 60ක ට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොග අඛණ්ඩව සපයා ඇති බව පැවසෙනවා.

මෙම ආයතන ක්‍රියාත්මක වූ විදේශීය රටවලින් ද තවදුරටත් ණය පහසුකම් ලබාගෙන තිබූ අතර විදේශ විනිමය ලංකාවෙන් ඔබ්බට ප්‍රේෂණය සඳහා දැඩි සීමාවන් පනවා තිබූ 2021 – 2022 කාලය තුළ ලංකාවේ විදේශ විනිමය මෙම සමාගම් වෙත ප්‍රේෂණය කළේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයක් බවයි කියන්නේ. ඉහත සමාගම්වල DSI ව්‍යාපාරය විසින් මෙතෙක් ආයෝජනය කරන ලද අතිවිශාල මුදල් ප්‍රමාණයට සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතු වී ඇතැයි පැවසෙනවා.

Samson Footwear Private Limited ආයතනය හරහා ඉන්දියාවේ ද ආයෝජනයක් සිදුකර ඇති අතර එම ආයෝජනයෙන් ද මව් සමාගමට පාඩු සිදුවී ඇති අතර Premier Synthetic Leather Manufacturing (Pvt) Ltd හරහා මව් සමාගමෙන් රුපියල් බිලියනයකට අධික ඇපකර ලබාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා. කසුන් රාජපක්ෂ මහතා මෙම සමාගම් සියල්ලේම අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කරනවා.

සජිත් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් කරුණු දැක්වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් වගඋත්තරකාර සමාගම් කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, නෙලානි රාජපක්ෂ සිල්වා හා අසංක රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා විරෝධතාවක් දක්වා තිබුණා. පෙර නඩු දිනයක දී එකී විරෝධතාවය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා ඒ සඳහා ජනාධිපති නීතිඥ නවීන් මාරපනට අවසර ලබාදී තිබුණා.

සජිත් රාජපක්ෂ මහතා ප්‍රමුඛ රණතුංග රාජපක්ෂ පවුල විසින් මෙහෙයවනු ලබන සමාගම් සමූහයේ ලාභදායිම ව්‍යාපාර කූට ලෙස තමන් අණසකට ගැනීමට සජිත් රාජපක්ෂ මහතා තම තනතුරුවලින් ද්වේෂ සහගතව ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ද ජනාධිපති නීතිඥ නවීන් මාරපන අධිකරණයට දැනුම් දුන්නා.

මෙම කටයුතු හේතුවෙන් දේශීය වශයෙන් විශාල පිරිසකට රැකියා සපයන DSI සමූහ ව්‍යාපාරය ඉතා බරපතල අර්බුදයකට නුදුරේදීම පත් විය හැකි බවයි කියන්නේ.

සජිත් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර පෙනී සිටි අතර ඔහුගේ සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ නවීන් මාරපන පෙනී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular