Sunday, October 26, 2025
Homeපුවත්ව්‍යාපාරික පුවත්Earthfoam සමාගම සිය රබර් ගොවීන්ගේ දරුවන් 1,900කට රු. මිලියන 15කට වැඩි වටිනාකමකින්...

Earthfoam සමාගම සිය රබර් ගොවීන්ගේ දරුවන් 1,900කට රු. මිලියන 15කට වැඩි වටිනාකමකින් යුතු පාසැල් බෑග් හා පොත් පිරිනමයි.

-

ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoam පෙෳද්ගලික සමාගම මෑතකදී රුපියල් මිලියන 15කට අධික මුදලක් වැය කරමින් රබර් ගොවීන්ගේ දරුවන්ට පාසල් බෑග් සහ අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කළේය. එම ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජීවත් වන පාසල් ළමුන් 1,900කට අධික පිරිසකට රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුතු පාසල් බෑග් සහ අභ්‍යාස පොත් ප්‍රදානය කරන ලදී.

2022දී ඇරඹූ Earthfoam සමාගම 100%ක් ස්වාභාවික සහ කාබනික රබර් භාවිත කර සකසන නිෂ්පාදන යුරෝපය සහ ඇමෙරිකාව ඇතුළු රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කරයි. එම සමාගම ඔවුන්ටම ආවේණික ක්‍රම සහ සුවිශේෂ යන්ත්‍රෝපකරණ භාවිතයෙන් සිය නිෂ්පාදනවල කල් පැවැත්ම, සුවපහසුව සහ ආරක්‍ෂිත බව සහතික කරයි.

1,500කට වැඩි දේශීය ගොවීන්ගේ කාබනික රබර් වගාවලින් සපයා ගන්නා ස්වාභාවික රබර් පමණක් භාවිතා කිරීම හරහා තත්ත්වයෙන් ඉහළ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට ඔවුන්ට හැකි වී ඇත. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ‘Fair for Life’ සහතිකය දිනා ගත් පළමු මෙට්ට නිෂ්පාදකයා වන Earthfoam සමාගම රබර් ගොවීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය උදෙසා විවිධ ව්‍යාපෘති නිරන්තරයෙන් දියත් කරයි.

එම සමාගමට අයත් කර්මාන්තශාලාව හොරණ පිහිටා ඇති අතර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිපදවන Hexagon Asia පෞද්ගලික සමාගමට අයත් කර්මාන්තශාලාව ඇහැලියගොඩ පිහිටා ඇත. දේශීය සහ විදේශීය සම්මාන සහ තත්ත්ව සහතික රැසකින් පිදුම් ලබා ඇති Earthfoam සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල වෙනත් සංඝටක සමඟ මිශ්‍ර කළ රබර් අඩංගු නොවන බව තහවුරු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන්

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ...

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ දොරටු විවර කරන Sri Lanka Tourism Job Fair and Career Expo 2025 සාර්ථකව අවසන් වෙයි

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිවලට පිවිසීමට ඉඩ සළසා දීමේ අරමුණෙන් පැවැත්වුණු Sri Lanka Tourism Job Fair and Career Expo කොළඹ One Galle Faceහිදී සාර්ථකව අවසන්...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular