Saturday, May 30, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්Earthfoam සමාගම සිය රබර් ගොවීන්ගේ දරුවන් 1,900කට රු. මිලියන 15කට වැඩි වටිනාකමකින්...

Earthfoam සමාගම සිය රබර් ගොවීන්ගේ දරුවන් 1,900කට රු. මිලියන 15කට වැඩි වටිනාකමකින් යුතු පාසැල් බෑග් හා පොත් පිරිනමයි.

-

ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoam පෙෳද්ගලික සමාගම මෑතකදී රුපියල් මිලියන 15කට අධික මුදලක් වැය කරමින් රබර් ගොවීන්ගේ දරුවන්ට පාසල් බෑග් සහ අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කළේය. එම ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජීවත් වන පාසල් ළමුන් 1,900කට අධික පිරිසකට රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුතු පාසල් බෑග් සහ අභ්‍යාස පොත් ප්‍රදානය කරන ලදී.

2022දී ඇරඹූ Earthfoam සමාගම 100%ක් ස්වාභාවික සහ කාබනික රබර් භාවිත කර සකසන නිෂ්පාදන යුරෝපය සහ ඇමෙරිකාව ඇතුළු රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කරයි. එම සමාගම ඔවුන්ටම ආවේණික ක්‍රම සහ සුවිශේෂ යන්ත්‍රෝපකරණ භාවිතයෙන් සිය නිෂ්පාදනවල කල් පැවැත්ම, සුවපහසුව සහ ආරක්‍ෂිත බව සහතික කරයි.

1,500කට වැඩි දේශීය ගොවීන්ගේ කාබනික රබර් වගාවලින් සපයා ගන්නා ස්වාභාවික රබර් පමණක් භාවිතා කිරීම හරහා තත්ත්වයෙන් ඉහළ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට ඔවුන්ට හැකි වී ඇත. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ‘Fair for Life’ සහතිකය දිනා ගත් පළමු මෙට්ට නිෂ්පාදකයා වන Earthfoam සමාගම රබර් ගොවීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය උදෙසා විවිධ ව්‍යාපෘති නිරන්තරයෙන් දියත් කරයි.

එම සමාගමට අයත් කර්මාන්තශාලාව හොරණ පිහිටා ඇති අතර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිපදවන Hexagon Asia පෞද්ගලික සමාගමට අයත් කර්මාන්තශාලාව ඇහැලියගොඩ පිහිටා ඇත. දේශීය සහ විදේශීය සම්මාන සහ තත්ත්ව සහතික රැසකින් පිදුම් ලබා ඇති Earthfoam සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල වෙනත් සංඝටක සමඟ මිශ්‍ර කළ රබර් අඩංගු නොවන බව තහවුරු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular