Sunday, October 26, 2025
Homeපුවත්Vegolicious අධි ප්‍රෝටීන් නූඩ්ල්ස් හා කුකීස් වෙළෙඳපොළට හඳුන්වා දෙයි.

Vegolicious අධි ප්‍රෝටීන් නූඩ්ල්ස් හා කුකීස් වෙළෙඳපොළට හඳුන්වා දෙයි.

-


ශාක පදනම් කර ගත් මෙරට පළමු ප්‍රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය නූඩ්ල්ස් සහ අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය කුකීස් නමින් සිය නවතම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙයි. පෝෂණය, රසය සහ තිරසාරත්වය ප්‍රමුඛ කර සළකන එම සමාගම සමබර පෝෂණයක් ගෙනෙන රසයෙන් සහ ගුණයෙන් සපිරි විකල්ප ආහාර නිපදවයි. බහු ධාන්‍ය නූඩ්ල්ස් සාමාන්‍ය නූඩ්ල්ස් වෙනුවට පරිභෝජනය කළ හැකි ප්‍රෝටීන් සහ තන්තු බහුල ආදේශකයකි. පුළුල් අධ්‍යයන හරහා තෝරා ගත් මාෂ බෝග, රනිල බෝග, ධාන්‍ය වර්ග යොදා පිළියෙළ කර ඇති මෙම නූඩ්ල්ස් ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 17.8ක් සහ තන්තු

ග්‍රෑම් 5ක් අඩංගු වේ. මෙම නූඩ්ල්ස් පරිභෝජනයෙන් අත්‍යවශ්‍ය පෝෂණ අවශ්‍යතා සපුරා ගත හැකිය. ක්‍රියාශීලී ජීවන රටාවක් සහිත සෞඛ්‍යවත් ආහාර වේලක් අවශ්‍ය ඕනෑම අයෙකුට මෙම නූඩ්ල්ස් ඉතා සුදුසු වේ.


බහු ධාන්‍ය චොක්ලට් චිප් කුකීස් කොකෝවා, චොක්ලට් චිප්ස් සහ ප්‍රෝටීන් අතිරේක යොදා ගෙන නිපදවා තිබේ. ඉදුණු කෙසෙල්, ඕට්ස්, පැළෑටි පදනම් කර ගත් ප්‍රෝටීන් යොදා සකසා ඇති බහු ධාන්‍ය බනානා ඕට්ස් කුකීස් සීනි රහිත සහ පෝෂණීය අතිරේක ආහාරයකි. ස්වාභාවික පැණි රසයෙන් යුතු අතිරේක ආහාර ප්‍රිය කරන අයට බහු ධාන්‍ය රට ඉඳි කුකීස් හඳුන්වා දී ඇත. තන්තු, පොටෑසියම්, මැග්නීසියම්, ප්‍රති ඔක්සිකාරකවලින් අනූන මෙම නිෂ්පාදන සෞඛ්‍යමය වාසි රැසක් ගෙන දෙයි. සිය නිෂ්පාදන පෙළ නිරන්තරයෙන් පුළුල් කරන Vegolicious සමාගම ඉදිරියේදී Vegolicious පැස්ටා, Vegolicious පපඩම්, Vegolicious බහු ධාන්‍ය කජු සහ රටකජු කුකීස් වැනි නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට නියමිතය. දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරමින් නිෂ්පාදනවල තත්ත්වය සහ සුරක්ෂිත බව සහතික කරන එම සමාගමේ දැක්ම රසයට හානියක් නොවන පරිදි නිෂ්පාදනය කළ සෞඛ්‍යවත් ආහාර වෙළෙඳපොළට නිකුත් කිරීමයි. අත්දැකීම් බහුල ආහාර විද්‍යාඥයන් සහ පර්යේෂකයන් මෙම ආහාර නිපදවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන්

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ...

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ දොරටු විවර කරන Sri Lanka Tourism Job Fair and Career Expo 2025 සාර්ථකව අවසන් වෙයි

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිවලට පිවිසීමට ඉඩ සළසා දීමේ අරමුණෙන් පැවැත්වුණු Sri Lanka Tourism Job Fair and Career Expo කොළඹ One Galle Faceහිදී සාර්ථකව අවසන්...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular