Tuesday, May 26, 2026
Homeපුවත්Vegolicious අධි ප්‍රෝටීන් නූඩ්ල්ස් හා කුකීස් වෙළෙඳපොළට හඳුන්වා දෙයි.

Vegolicious අධි ප්‍රෝටීන් නූඩ්ල්ස් හා කුකීස් වෙළෙඳපොළට හඳුන්වා දෙයි.

-


ශාක පදනම් කර ගත් මෙරට පළමු ප්‍රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය නූඩ්ල්ස් සහ අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය කුකීස් නමින් සිය නවතම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙයි. පෝෂණය, රසය සහ තිරසාරත්වය ප්‍රමුඛ කර සළකන එම සමාගම සමබර පෝෂණයක් ගෙනෙන රසයෙන් සහ ගුණයෙන් සපිරි විකල්ප ආහාර නිපදවයි. බහු ධාන්‍ය නූඩ්ල්ස් සාමාන්‍ය නූඩ්ල්ස් වෙනුවට පරිභෝජනය කළ හැකි ප්‍රෝටීන් සහ තන්තු බහුල ආදේශකයකි. පුළුල් අධ්‍යයන හරහා තෝරා ගත් මාෂ බෝග, රනිල බෝග, ධාන්‍ය වර්ග යොදා පිළියෙළ කර ඇති මෙම නූඩ්ල්ස් ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 17.8ක් සහ තන්තු

ග්‍රෑම් 5ක් අඩංගු වේ. මෙම නූඩ්ල්ස් පරිභෝජනයෙන් අත්‍යවශ්‍ය පෝෂණ අවශ්‍යතා සපුරා ගත හැකිය. ක්‍රියාශීලී ජීවන රටාවක් සහිත සෞඛ්‍යවත් ආහාර වේලක් අවශ්‍ය ඕනෑම අයෙකුට මෙම නූඩ්ල්ස් ඉතා සුදුසු වේ.


බහු ධාන්‍ය චොක්ලට් චිප් කුකීස් කොකෝවා, චොක්ලට් චිප්ස් සහ ප්‍රෝටීන් අතිරේක යොදා ගෙන නිපදවා තිබේ. ඉදුණු කෙසෙල්, ඕට්ස්, පැළෑටි පදනම් කර ගත් ප්‍රෝටීන් යොදා සකසා ඇති බහු ධාන්‍ය බනානා ඕට්ස් කුකීස් සීනි රහිත සහ පෝෂණීය අතිරේක ආහාරයකි. ස්වාභාවික පැණි රසයෙන් යුතු අතිරේක ආහාර ප්‍රිය කරන අයට බහු ධාන්‍ය රට ඉඳි කුකීස් හඳුන්වා දී ඇත. තන්තු, පොටෑසියම්, මැග්නීසියම්, ප්‍රති ඔක්සිකාරකවලින් අනූන මෙම නිෂ්පාදන සෞඛ්‍යමය වාසි රැසක් ගෙන දෙයි. සිය නිෂ්පාදන පෙළ නිරන්තරයෙන් පුළුල් කරන Vegolicious සමාගම ඉදිරියේදී Vegolicious පැස්ටා, Vegolicious පපඩම්, Vegolicious බහු ධාන්‍ය කජු සහ රටකජු කුකීස් වැනි නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට නියමිතය. දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරමින් නිෂ්පාදනවල තත්ත්වය සහ සුරක්ෂිත බව සහතික කරන එම සමාගමේ දැක්ම රසයට හානියක් නොවන පරිදි නිෂ්පාදනය කළ සෞඛ්‍යවත් ආහාර වෙළෙඳපොළට නිකුත් කිරීමයි. අත්දැකීම් බහුල ආහාර විද්‍යාඥයන් සහ පර්යේෂකයන් මෙම ආහාර නිපදවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular