Wednesday, July 15, 2026
Homeපුවත්ආර්ථිකඅගෝස්තු උද්ධමනය 70% පනී !

අගෝස්තු උද්ධමනය 70% පනී !

-

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය අගෝස්තු මාසය සඳහා මෙරට උද්ධමනය 70යි දශම2 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ජූලි මාසයේ උද්ධමනය දැක්වුණේ 66යි දශම7 ක් ලෙසයි. ආහාර කාණ්ඩයේ උද්ධමනය ද අගෝස්තු මාසයේ 84යි දශම 6ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය පැවතුණේ 82යි දශම 5ක් ලෙසයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

පෙර මාසය හා සංසන්දනය කලවිට, 2022 අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩය යටතේ ඇති ආහාර කාණ්ඩය සැලකූවිට අළුත් මාළු, බිස්කට් වර්ග, බිත්තර, පළතුරු, කුකුළුමස්, ළදරු කිරිපිටි, කරවල, එළවළු, ටින්මාළු, කිරිපිටි, පොල්තෙල්, පාන්, නූඩ්ල්ස්, තිරිඟුපිටි, හාල්පිටි, මිරිස්කුඩු සහ ලුණු යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් පෙන්නුම් කෙරෙනවා.

එහෙත් මයිසූර් පරිප්පු, හාල්, සීනි, ලොකුලූණු, අර්තාපල්, දෙහි, වියළි මිරිස්, අමුමිරිස් සහ රතුලූණු යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීම ද කැපී පෙනෙන බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළේ. ආහාර නොවන කාණ්ඩයේ ජූලි මාසයේ පැවති උද්ධමනය අගෝස්තු මාසයේ 57යි දශම එකක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ අතර සියයට 117යි දශම එකක් ලෙස ජූලි මාසයේ පැවති ප්‍රවාහන කාණ්ඩයේ උද්ධමනය ඉකුත් අගෝස්තු මාසයේ සියයට 113යි දශම තුනක් දක්වා අඩුවී ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular