Sunday, April 5, 2026
HomeSlumකුඩය අල්ලන කෙනාටයි වාසිය - පුස්සැල්ලාව - ගණපති

කුඩය අල්ලන කෙනාටයි වාසිය – පුස්සැල්ලාව – ගණපති

-

කුඩේ අල්ලන කෙනාටයි වාසිය ….

දෙ අත් තිබියදී ඔහුට , මොහු කුඩේ අල්ලයි,

ඔහුට එන දුරකථන ඇමතුම පිළිතුරු දෙන්නෙත් මොහුමය

කෑම කනවිට , ඔහුගේ මුව පිස දමයි මොහු …කිසිඳු පැකිලීමකින් තොරව

ඔහු ඇවිදිනවිට , මොහු ඔහු පසුපස දුවයි

ඔහුගේ කතාවට අත්පොලසන්, මොහුගෙන් පටන් ගනී……

මනාප වෙනුවෙන් විදී බල්ලෙකු ලෙස ඇවිදින ඔහුගේ දෙපා වලට මොහු මඟ පෙන්වයි…….

මගේ කවියෙහි ඔහුව වර්ණනා කරන්න කියා මොහු කියයි ,

ඊට මම හිස නොනමන විට, මොහු මට බැන වැදී , මත් වී දොඩවයි.

මත් පැන් වෙනුවෙන් කෑ ගසන මොහු ඔහුගේ මුදල් වලින් නටා ගයා සැප විඳියි……

බොරු කියා ජනතාව රවටයි ….

මැරකමින් , හොරකමින් කල්ගෙවයි විනෝදවෙයි –

ජනතා සේවයට අගුළු දමා තමන්ගේ මඩිය තර කරගනී ….

මෙලෙස මොහු පෙන්වන රඟපෑම, මම බෙර ගසා කියන්න ගියොත්,

මගේ ‘තාලය වැරදී’ යැයි කියා .. ගම පුරා කතා හදයි…..

ගම පුරා වේගයෙන් පැතිරෙන මේ වේයෝ බිහිවෙන ගස්, මුල පිටින් උගුල්ලන්න

ගමට එක් “භාරදී” කෙනෙක් බිහි විය යුතුය……

එවිට අඳුරු දැල් බැඳුනු අපේ කඳුකරය වෙනස් වනු ඇත

එතෙක් …. කුඩය අල්ලන කෙනාට තමයි වාසිය …..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජීවිතය – J.P. නැන්සි – වේවැල්වත්ත

J.P. නැන්සි - වේවැල්වත්ත ජීවිතය දෙපා නොතෙමි සාගරය තරණය කරවුන් සිටියි, එහෙත් දෑස් නොතෙමි ජීවිතය තරණය කරපු අය නැත හැමෝම ගමන් කරනවා මගෙහි , ඔවුන් පසුපස නොයන්න ...

හදිසි රැස්වීම… indraadewi

දුවගෙන විත්, අසුනෙහි වාඩි වී වෙලාව බැලුවෙමි, වෙලාව තුනයි.ඇයි මේ හදිස්සියේ රැස්වීමක් දැන ගැනීමට කුතුහලයක්. වටේටම සෙනගඅසුන් පිරි, කියවිලි ශබ්දය දෝංකාර දෙයි, බිත්ති පුරාහද ගැස්ම දෝංකාරය...

සතුරා අප පිටුපසින් සිටී … තිලකර් මල්ලියප්පු

malliyappusanthi thilakar අපි ගස්ය.දිරාපත්ව ගියපු ගස්ය,අලවන ලද ශරීරය දියවී ගියපු ගස්ය. අපට කොල දළුලන, සරත් ඍතු කාලවල් නොමැත.අප මත අලවන කොළ පමණක්කහ පාටින් කොළ පාටටත් කොළ පාටින්...

මෙහෙම වෙන්නත් ඇති – ජෙයාකාන්ත්. ජානු – යටියන්තොට

ஜெயகாந்த். ஜானு - எட்டியாந்தோட்டை ஒரு வேலை இப்படியாக கூட இருக்கலாம், ஒரு நுனி அளவு கூட எவ்வித எதிர்பார்ப்புமின்றி இலங்கை வந்தது,தேயிலை மரத்தடியில் மாசி இருப்பதாக கூறியதால் மாத்திரமே இல்லாமல் இருக்கலாம். ஒரு வேலை புது வாழ்க்கையை...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular